ජස්ටින් බීබර්ව ඔබාමා මැරුවොත් මොහුට නිදහස (Video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 6, 2015

ජස්ටින් බීබර්ව ඔබාමා මැරුවොත් මොහුට නිදහස (Video)

ISIS ත‍්‍රස්තවාදීන්ගේ ත‍්‍රස්ත කි‍්‍රයා නිසා ලෝකයේ බොහෝ බලසම්පන්න රටවල් දැන් ත‍්‍රස්තවාදී බියෙන් ඇලලී ගොස් තිබෙනවා. 

මෑතකදී ප‍්‍රංශයේ සිදුවූ ත‍්‍රස්ත කි‍්‍රයාවත් එක් ප‍්‍රාණ ඇපකරුවෙක්ව පණපිටින් පුළුස්සා දැමීමත් නිසා ISIS ත‍්‍රස්තවාදීන් වඩාත් කුරිරු සංවිධානයක් ලෙස ලොව පුරා ප‍්‍රසිද්ධ වී තිබෙනවා.

මේ අතර ඇමරිකාවේ එක්තරා තරුණයින් පිරිසක් මෙම සංවිධානය බොරු වීරයන් බවත් ඔවුන්ගේ හිස් චරිත හා නූගත් කම ප‍්‍රදර්ශනය වන ආකාරයේ අපූරු වීඩියෝවක් නිර්මාණය කොට තිබෙනවා. 

එහිදී එක් ප‍්‍රාණ ඇපකරුවෙක්ව මැරීමට පෙර ජනපති ඔබාමාට ත‍්‍රස්තවාදීන් දෙන පණිවුඩයේ ඉංග‍්‍රිසී භාෂාව ඔවුන් කෙතරම් අපහසුවෙන් උච්චාරණය කරන්නේ දැයි හාස්‍යයට ලක්කොට තිබෙනවා. 

ඒ අතරම තරුණයින් වැඩිදෙනෙක් අතර අප‍්‍රසාදයට පත්ව සිටින ජස්ටින් බීබර්වද හාස්‍යයට ලක්කොට තිබෙනවා. 

එහිදී ISIS ත‍්‍රස්ත නායකයා පවසන්නේ ජනපති ඔබාමා මොහොමඩ් නමින් නම වෙනස් කොට ජස්ටින් බීබර්ව මරා දැමුවහොත් මෙහි දැක්වෙන ප‍්‍රාණ ඇපකරු නිදහස් කරන බවයි. 

එම අපූරු වීඩියෝව පහතින් නරඹන්න…

No comments:

Post a Comment

Post Bottom Ad