ගබ්සාවන් නිසා Google ආයතනයට හා Yahoo ආයතනයට පෙත්සමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 6, 2015

ගබ්සාවන් නිසා Google ආයතනයට හා Yahoo ආයතනයට පෙත්සමක්

මව්පියන් ගබ්සාවන් සිදුකරගැනීමට වැඩිදුර පෙළඹීමක් ඇතිවේයැයි සැකකෙරෙන වෙළඳ දැන්වීමක් හේතුවෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය Google ආයතනට හා Yahoo ආයතනයට එම වෙළඳදැන්වීම නවත්වන ලෙස පෙත්සමක් ගොනු කොට ඇත.

දරු උපතකට කලින් දරුවාගේ ස්ත‍්‍රී පුරුෂ භාවය හඳුනා ගැනීම සඳහා කෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පළ වන දැන්වීමක් මෙලෙස ඉන්දියාව තුල දැනටමත් තහනම් කර තිබේ. 

ඉන්දීය සමාජයතුල ඇති ඇතැම් වැරදි ආකල්ප හේතුවෙන් තවමත් තමන්ට ගැබ්ගෙන සිටින්නේ ගැහැනු දරුවෙකු බව හඳුනා ගතහොත් ගබ්සාවන් සිදුකර ගැනීමට පෙළඹී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

‍කෙසේ වෙතත් ඉන්දියාව තුල මෙම වෙළඳදැන්වීම තහනම් වුවද  අන්තර්ජාලය මගින් එවැනි දැන්වීම් තවදුරටත් නිරාවරණ වන බැවින් අධිකරණය හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණය Google ආයතනට හා Yahoo ආයතනයට ගොනු කෙරුණු පෙත්සමක් ඉදිරපත් කොට තිබේ.

මෙම සිදුවීමෙන් අනතුරුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදි මහතා ජනතාව අමතා පවසා සිටියේ "මව්වරු තම ගර්භාෂය තුලදී තම දියණියන් මරා දමන්නේ ඔබට වේදනාව නොදැනෙන නිසාද? අපට අපගේ දියණියන් මරාදැමීමට කිසි අයිතියක් නැති බවයි"

No comments:

Post a Comment

Post Bottom Ad