ජනාධිපති වෙනුවෙන් බඩගාන සනත් (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 5, 2015

ජනාධිපති වෙනුවෙන් බඩගාන සනත් (video)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් තිබූ බාරයක් ඔප්පු කිරීමට තරුණයෙකු මහමග “බඩ ගෑ” පුවතක් වාර්තාවේ.

ආණමඩුව – නාගවිල පදිංචි ඔහු නමින් සනත් කුමාර වන අතර පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කර දෙන ලෙස ඉල්ලමින් ආණමඩුව – සේරුකැලේ ගම්මානයේ පිහිටි අයියනායක දේවාලය වෙත ගොස් කන්නලව් කර තිබේ.

ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළහොත් තමන් කිලෝ මීටර් 03 ක දුරක් මහ පාරේ බඩ ගාගෙන විත් දෙවියන්ට ස්තූති කරන බවය.

ඒ අනුව දෙවියන්ට වූ පොරොන්දුව ඉටු කිරීමට සේරුකැලේ සේවා ස්ථානය අසලින් ඊයේ සවස 5.00 ට මාර්ගය දිගේ බඩ ගාන්නට පටන් ගත් සනත් කුමාර පැය 3 ½ කට ආසන්න කාලයක් මහ පාරේ බඩගාමින් ගොස් රාත්‍රී 8.30 ට පමණ සේරුකැලේ අයියනායක දේවාලය කරා පැමිණ තිබේ.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.



No comments:

Post a Comment

Post Bottom Ad