රාගම බිහිසුණු රිය අනතුරේ ඡායාරූප - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 5, 2015

රාගම බිහිසුණු රිය අනතුරේ ඡායාරූප

රාගම බටුවත්ත ප්‍රදේශයේ දී කැබ් රථයක් දුම්රියක ගැටීමෙන් එක ම පවුලේ සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්විය.

කඳාන සිට රාගම දෙසට ධාවනය කළ කැබ් රථය වවුනියාව බලා ධාවනය වූ රජරට රැජිණ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව විය.

මීගමුව ප්‍රදේශයේ පදිංචි එක ම පවුලේ පියා, පුතුන් දෙදෙනා හා දියණියක එලෙස ජීවිතක්ෂයට පත් ව ඇති බව පොලීසිය සඳහන් කරයි. මිය ගිය පියා 51 වන වියේ පසු වූ අතර පුතුන් දෙදෙනා 19 සහ 14 වැනි වයස්වල ද දියණිය 21 වන වියේ ද පසුවූ බව පොලීසිය සඳහන් කරයි.

අනතුරින් තුවාල ලැබූ 41 හැවිරිදි මව සහ 11 හැවිරිදි අනෙක් දියණිය රාගම මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. එම අනතුරුට අදාළ ඡායාරූප පහතින් නරඹන්න.





No comments:

Post a Comment

Post Bottom Ad