මෛත‍්‍රීගේ ජය එජාප බුදලයක් නෙමෙයි.. – JHU - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 5, 2015

මෛත‍්‍රීගේ ජය එජාප බුදලයක් නෙමෙයි.. – JHU

මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයෙනන් කල ජයග‍්‍රහණය එජාපයේ තනි භුක්තියට නතුකර ගනිමින් පටු දේශපාලන න්‍යායපත‍්‍ර මත කටයුතු කරන්නට යෑමෙන් ජනතාව බලාපොරොත්තු වූ ජයග‍්‍රහණය ඈතට යා හැකි බව ජාතික හෙළ උරුමය පවසයි.

එම පක්‍ෂ ජාතික සංවිධායක පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා පවසන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කරන ලද්දේ අලියා ලකුණින් පමණක් නොවන බව එක්සත් ජාතික පක්ෂය තේරුම් ගත යුතුව ඇති බවයි.

එම ජයග‍්‍රහණය තමන්ගේ යැයි සිතමින් තම අභිමතයට අනුව පටු දේශපාලන න්‍යායපත‍්‍ර මත කටයුතු කිරීමෙන් වැළකිය යුතු බවද පවසන ඔහු ජනාධිපතිවරණයට පෙර ජනතා අපේක්ෂව  වුයේ යහපාලනය බැවින් පවතින නීති රාමුව තුළ ජනතා  අපේක්ෂා ඉටු කිරීමට දින සියය යොදා ගත යුතු බවද අවධාරණය කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad