මහින්ද නැතොත් අපි නෑ.. – රත්නපුර ශ‍්‍රීලනිප බල මණ්ඩලය රත්වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 9, 2015

මහින්ද නැතොත් අපි නෑ.. – රත්නපුර ශ‍්‍රීලනිප බල මණ්ඩලය රත්වේ

ඉදිරි මහ මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා ලෙස තරඟ නොකරන්නේ නම් තම සහයෝගය ලබා නොදෙන බව රත්නපුරයේ ශ‍්‍රීලනිප බල මණ්ඩල රැස්වීම සහභාගී වු පිරිස පවසා තිබේ.

දිස්ත‍්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් සෙනෙවිරත්න මහතාගේ ප‍්‍රධානත්යෙන් පැවත්වී ඇති මෙම හමුව සඳහා ආරධිතයා ලෙස මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන සහභාගී වී ඇත.

චන්ද්‍රිකා-මෛත‍්‍රී-මහින්ද එකමුතුවක් ගැන වේදිකාවේ අදහස් පල කරද්දී රත්නපුරයේ සියළු පළාත් පාලන නියෝජිතයන් වෙනුවෙන් අදහස් පල කරමින් රත්නපුර ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවසා ඇත්තේ ඉදිරි මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ ඉදරිපත් නොවන්නේ නම් කිසිදු පළාත් පාලන නියෝජිතයෙක් මැතිවරණයේදී ශ‍්‍රීලනිපය දිනවීමට වැඩ නොකරන බවයි.

අවසනයේ බල මණ්ඩල හමුව නිවා වී ඇත්තේ නායකත්වයට මේ බව දන්වන බව පවසමින් එකඟතාවකින් තොරවයි.

No comments:

Post a Comment

Post Bottom Ad