රුසියාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ දැමේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 6, 2015

රුසියාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ දැමේ

ඇමරිකාව පදනම් කරගනිමින් ක‍්‍රියාත්මක වන ස්ටෑන්ඩර්ඞ් ඇන්ඞ් පුවර් ණය ශ්‍රේණිගත කිරීම් ආයතනය විසින් රුසියාවේ ණය ශ්‍රේණිගත කිරීම BB+ දක්වා පහත හෙළා ඇතැයි වාර්තා වේ.

මෙය පසුගිය දශකය තුළ රුසියාවේ ආර්ථිකය ආයෝජන සඳහා සුදුසු මට්ටමින් පහළ වැටුණු මුල්ම අවස්ථාවයි.

ස්ටෑන්ඩර්ඞ් ඇන්ඞ් පුයර් ආයතනය පවසන්නේ රුසියානු මූල්‍ය ප‍්‍රතිපත්තියේ නම්‍යශීලී බව අතිශයින් සීමාසහිතවී ඇති බව සහ එරට ආර්ථීක වර්ධනයේ බලාපොරොත්තු බිඳ වැටී ඇති බව මෙම වර්ගීකරණයෙන් පැහැදිලි වන බවයි.

මෙම තත්වය බාහිර බලපෑම් මෙන්ම ආර්ථිකයට රජයේ දායකත්වය ඉහළ යාම නිසා තවත් වර්ධනය විය හැකි බව එම ආයතනයේ අදහසයි.
සඳුදා දිනය තුළ රූබලය ඩොලරයක් 66.3 සිට 69 දක්වා අවප‍්‍රමාණය වූ අතර එය පෙරදිනට සාපේක්‍ෂව 8%ක පහත වැටීමකි.

රුසියානු මුදල් ඇමති ඇන්ටන් සිලූවානොව් පවසා ඇත්තේ ස්ටෑන්ඩර්ඞ් සහ පුවර්හි ක‍්‍රියාව අවශ්‍ය තරමට වඩා අශුභවාදී එකක් බවයි.
එමගින් ඩොලර් බිලියන 380ක් පමණ වන විදෙස් සංචිත, ගෙවුම් ශේෂය ධන අගයක් වීම හා අඩු රාජ්‍ය ණය ප‍්‍රමාණය ආදී රුසියානු ආර්ථිකයේ ශක්තිය පෙන්වන සාධක අතහැර දමා ඇති බව ඔහු පවසා තිබේ.

ෆිච් හා මූඩි ඇතුළුව මේ වන විට ක‍්‍රියාත්මක වන ප‍්‍රධාන පෙළේ ණය ශ්‍රේණිගත කිරීම් ආයතන 3ම කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බවද රුසියාව පවසා ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad