අධ්‍යාපනය විමධ්‍යගත විෂයක් බවත් චක‍්‍රලේඛ නිකුත් කරමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් පමණක් අධ්‍යාපනය දියුණු කල නොහැකි බව නව අධ්‍යාපන ඇමතිවරයා වටහා ගත යුතු බවත් බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
අධ්‍යාපන ඇමතිවරයා ඇතැම් විට කටයුතු කරන ආකාරයෙන් ඔහු පළාත් සභා නොසලකා කටයුතු කරන බව පෙනී යන බවත් යහපාලනයට එකග වුවද බලහත්කාරයට එකග විය නොහැකි බවත් රණතුංග මහතා පෙන්වා දෙයි.
කදාන, බටගම, ධර්මාශෝක විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාව සහභාගී වෙමින් රණතුංග මහතා මේ බව සදහන් කළේය. බස්නාහිර පළාත් සභාව මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 170 කි.
මෙම විද්‍යාලයේ ප‍්‍රාථමික පංති මෙතෙක් කලක් පවත්වාගෙන ගියේ යාබද පිහිටි විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ලේයි. ප‍්‍රදේශයේ මහජන නියෝජිතයන් සහ ජනතාව මහ ඇමතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව නව ගොඩනැගිල්ල ඉදි කෙරිණ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.
‘දැන් රටේ තියෙන්නේ අමුතු දේශපාලනයක්. වෙලාවකට හිතාගන්න බෑ අපි ඉන්නේ කොයි පැත්තෙද කියලා. දේශපාලනය කරන අපිටත් මේක තේරෙන්නේ නැත්නම් ජනතාව මේක කොහොම තේරුම්ගන්නද ? හැබැයි මට එක දෙයක් කියන්න පුළුවන්. බස්නාහිර පළාතේ අපි ඉන්නේ, ආණ්ඩුවේ.
බස්නාහිර පළාතේ අපි අධ්‍යාපනය දියුණු කරන්න කළ හැකි උපරිමය කරමින් ඉන්නවා. පළාත් සභා පටන් ගත්ත කාළේ ඉදන් මෑතක් වන තුරුම අපි මුහුණ දුන් ලොකුම අර්බුධය අඩක් නිම කළ පාසල් ගොඩනැගිලි. නමුත් අපි ඒ තත්වය වෙනස් කරලා අඩක් නිම කළ ගොඩනැලි අවසන් කරලා සිසුන්ට පැවරීම කඩිනම් කරලා තියෙනවා.
බස්නාහිර පළාතේ මුල් ගල් අපි පැළවෙන්න දෙන්නේ නෑ. තනි තට්ටුවේ ගොඩනැගිල්ලක් වසරකිනුත්, තට්ටු දෙකේ ගොඩනැගිල්ලක් වසර දෙකකිනුත්, තට්ටු තුනේ ගොඩනැගිල්ලක් වසර තුනකිනුත් අවසන් කල යුතුයි. මේ උපරිම කාලය. ඇතැම් විට එහා මෙහා වෙන්න පුළුවන්. හැබැයි අපි මුල් ගල් පැළවෙන්න ඉඩ තියන්නේ නෑ.
රනිල් වික‍්‍රමසිංහ මහතයාගේ නායකත්වයෙන් යුත් අලූත් ආණ්ඩුව පත් වුණාට පස්සේ අලූත් අධ්‍යාපන ඇමතිතුමෙක් පත් වුණා. එතුමා අලූත්, අලූත් චක‍්‍රලේඛ නිකුත් කරනවා. සමහර ඒවා මෙතෙක් කල් කි‍්‍රයාත්මක වූ ඒවාමයි.
අධ්‍යාපනය කියන්නේ විමධ්‍යගත විෂයක්. පළාත් සභාවලටත් අධ්‍යාපන විෂය පැවරිලා තියෙනවා. අලූත් අධ්‍යාපන ඇමතිතුමා අපි නොසලකා අපේ පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට සමහර වෙලාවට සෘජු නියෝග දෙනවා. පළාත් අධ්‍යාපන ලේඛම්වරයා මගින් තමයි හරිනම් මේ නියෝග නිකුත් කරන්න ඕනේ.
මේ විදියට ගියොත් අපි අතර නැති ගැටුම් ඇතිවෙන්න පුළුවන්. යහපාලනයට එකගයි හැබැයි අපි බලහත්කාරයට එකග නෑ.
පාසල් දියුණු කිරීම රජයට පමණක් කරන්න බෑ. ඒ සදහා දෙමව්පියන්ගෙත් සහයෝගය අවශ්‍යයයි. අලූත් අධ්‍යාපන ඇමතිතුමා මේ තත්වය වටහා ගත යුතුයි.
එතුමා තේරුම් ගන්න ඕනේ මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා ප‍්‍ර‍්‍රකාශ නිකුත් කිරීමෙන් පමණක් මේක නිවැරදි කරන්න බෑ කියලා. 2009 මම බස්නාහිර මහ ඇමති විදියට වැඩ භාරගත්තට පස්සේ වසර තුනක් යනතුරු මම කිසිම පාසලක උත්සවයකට ගියේ නැ. මම කළේ පාසල් වලට මගේ කණ්ඩායම් යවලා ඒවයේ අඩුපාඩු හොයලා බලපු එක.
පසුව ඒවා විසදීමේ ක‍්‍රමවේදයන් අධ්‍යාපනවේදීන් සමග සාකච්ඡ කරලා සකස් කරපු එක. දැන් මම කි‍්‍රයාත්මක කරන්නේ ඒ වැඩ පිළිවෙල. දේශපාලන උවමනාවල් වලට අධ්‍යාපන චක‍්‍රලේඛ වෙනස් කරන්න ගත්තොත් ඒක රටකට හො`ද දෙයක් නෙවේ.
– ප‍්‍රදීප් අනුර කුමාර
Friday, February 6, 2015
අපි යහපාලනයට එකඟයි.. බලහත්කාරයට එකඟ නෑ… – ප‍්‍රසන්න රතු එළි දල්වයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment