මෙවර සහන දුන්නු අයවැය ශ‍්‍රීලනිප අපිටත් අයිතියි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 4, 2015

මෙවර සහන දුන්නු අයවැය ශ‍්‍රීලනිප අපිටත් අයිතියි..

මෙවර ජනතාවට සහන දුන්නු අයවැය තමන්ටත් අයිති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

‘මෙවර අය-වැය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපටත් අයිති අය-වැයක්. රජයේ ප‍්‍රධානියා ජනාධිපතිතුමයි. 

රජයේ ප‍්‍රධානියා අය-වැය ඉදිරිපත් කරලා ජනතාවට සහන දෙනවා නම් ඒකේ අයිතිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයටත් අයිතියි. මේක තනිකර එක්සත් ජාතික පක්ෂයේ අය-වැයක් නොවෙයි. 

මිනිස්සුන්ට ලැබෙන සහන තියෙනවා නම් ඒකෙ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයටත් තියෙනවා’ යයිද ඔහු කළුතරදී අදහස් පල කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad