ඇමති කෙනෙක් කියලා තාම මට ඇඟට දැනෙන්නේ නෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 4, 2015

ඇමති කෙනෙක් කියලා තාම මට ඇඟට දැනෙන්නේ නෑ..

තමන් ඇමැති කෙනෙක් වුවත් තවමත් එය ඇගට දැනෙන්නේ නැතැයි ඇමති ගයන්ත කරැණාතිලක මහතා පවසයි.

‘මට තාම දැනෙන්නේ නෑ මම ඇමැතිවරයෙක් බව. රාජ්‍ය බලය අමතක වෙන තරම් කාලයක් අපිට විපක්ෂයේ ඉන්නට සිදුවුණා.

මම අද ඇමැතිවරයා වෙලා හිටියට මට තාම ඒක දැනෙන්නේ නෑ. මම උදේ නැගිටලා ඉන්නකොට ලියුම් කවර අරගෙන 50ක් 60ක් ගේ ළග ඉන්නකොට තමයි මට මතක් වෙන්නේ මම ඇමැති කියලා. 

ඒ තරම් කාලයක් අපි විපක්ෂයේ හිටියා. අපේ ජනතාවත් එහෙමයි. අපි දැන් ඉන්නේ ආණ්ඩු පක්ෂයේ. මේ  ඕනෑම අයකුට මෙතෙක් කල් තිබූ රාජ්‍ය බලය නිසා කරන්න බැරි වූ දේවල් තියේනම් දැන් ඒවා කරගන්න පුළුවන්. 

මොනවා වුණත් හිතේ තියා ගත යුතු දේ තමයි ලැබෙන තනතුරු,තානාන්තර කියන ඒවා තාවකාලික බව. ඒකට හොදම උදාහරණය තමයි රාජපක්ෂලා’ යයිද ඒ මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad