මාර්ග තදබදය අඩු කිරීමට බයිසිකල් හා ත‍්‍රීරෝද රථ අඩු කල යුතුයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 4, 2015

මාර්ග තදබදය අඩු කිරීමට බයිසිකල් හා ත‍්‍රීරෝද රථ අඩු කල යුතුයි..

මාර්ගවල වාහන තදබදය අඩු කිරීමට යතුරුපැදි සහ ත‍්‍රිරෝද රථ සදහා නියාමනයක් අවශ්‍ය යයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කියයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා නුගේගොඩ බස් හිමියන්ගේ සංගම් කාර්යාලයේ පැවති මාද්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

‘ලංකාවේ යතුරුපැදි දශ ලක්ෂයකට (10,00,000) ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. ති‍්‍රරෝද රථත් ඒවාගෙයි.  පෙට්රල් අඩු වීම නිසා මේ වාහන මාර්ගයට අවතීර්ණවීම නිසා මාර්ග තදබදය අධිකයි. 

ති‍්‍රරෝද රථයකට පෙට්රල් ලීටරයකින් කිලෝමීටර් 25ක් පමණ ධාවනය කළ හැකි වුවත්,බස් රථයකට ඞීසල් ලීටරයකින් දුවන්න පුළුවන් කිලෝමීටර් තුනයි.

මාර්ග තදබදය නිසා ධාවනය කරන්න පුළුවන් කිලෝමීටර් දෙකකට වැඩි ප‍්‍රමාණයක් පමණයි. ඒ නිසා බස් කර්මාන්තය කඩාවැටීමට ලක්වෙලා’

No comments:

Post a Comment

Post Bottom Ad