පෙරටුගාමී සමාජවාදී පක්‍ෂ නායක පේ‍්‍රමකුමාර ගුණරත්න ප‍්‍රශ්ණයක් වී ඇත්තේ ආණ්ඩුවේ ජවිපෙ කණ්ඩායමට බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර පවසයි.‘පාර්ලිමේන්තුවේදී මට පසුගිය දවසකදී රතන හාමුදුරුවෝ හමුවුණාම මම කිව්ව ආණ්ඩුව කුමාර් සහෝදරයාව ලංකාවෙන් පිටුවහල් කරන්න හදනවා කියලා.
ජේවීපී එක ඉන්න ආණ්ඩුවකින් ඔයාල ඔය වගේ අවස්ථා බලාපොරොත්තු වෙන්න ඕන කියලා ඒ වෙලාවේ රතන හාමුදුරුවෝ කිව්වා.
ගමේ භාෂාවෙන් කියනවා නම් මම කරකවලා අතෑරියා වගේ වුණා. කවුරුහරි ඒ අය එක්ක ඉන්නකම් වීරයා කරන්නත් පක්ෂයෙන් ඉවත් වුණොත් ද්‍රෝහියා කරන්නත් ජවිපෙ එදා ඉදන්ම කටයුතු කළා. අදත් කරනවා’ යයිද ඔහු සදහන් කලේ මාද්‍ය අමතමිනි.
මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ගුණරත්නම් මහතාට රටින් පිටවීමේ නියෝගය නිකුත් කිරිම සඳහා ගුවන් ටිකට් පත රැගෙන එන ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.
No comments:
Post a Comment