ජවිපෙ විසින් මෙහෙයවනු ලබන දුෂණ විරෝධී දුෂණ විරෝධී හඬ සංවිධානය විසින් නව රුසියානු තානාපති කාර්යාල වැඩබිමට කඩා වැදීම පිළිකුළින් යුතුව හෙළා දකින බව හෙළ බොදු සවිය සංවිධානය පවසයි.
මෙසේ සදහන් කරමින් එම සංවිධාන විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.
ඊයේ පස්වරුවේ කොළඹ, බෞද්ධලෝක මාවතේ රුසියානු තානාපති කාර්යාල ඉදිකීරීම් වැඩ බිමට දොරවල් කඩාගෙන ඇතුළ් වීමට දැරූ දුෂණ විරෝධී හඩ සංවිධානයේ ක‍්‍රියාකලාපය අපි පිළිකුළින් යුතුව හෙළා දකිමු.
එම සංවිධානයේ කැඳවුම්කරුව න් ලෙස කටයුතු කරන ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ හා පළාත් සභා මන්ත‍්‍රී සුනිල් වටගල ඇතුලූ පිරිසකගේ ප‍්‍රචණ්ඩකාරී සාහසික ක‍්‍රියාකලාපය ශ‍්‍රී ලංකාවත් රුසියාවත් අතර පවතින රාජ්‍යතාන්ත‍්‍රික මිත‍්‍රශීලී සම්බන්ධාතවය බිඳ දැමීමේ කුමන්ත‍්‍රණයක් බව ඉතාම පැහැදිලිය.
නිදහසින් පසුව ශ‍්‍රී ලංකාවත් රුසියාවත් අතර පැවති මිතුදම සේම රාජ්‍යතාන්ත‍්‍රික සහ ආර්ථික සබඳතා ඉතා ශක්තිමත්ව ගොඩනැගී තිබුණු අතර එම සබඳතාවය බිඳ දැමීමට විවිධ අවස්ථාවලදී විවිධ දේශපාලන කල්ලි කණ්ඩායම් උත්සාහ දරා ඇත. මෙයත් එවැනි වෑයමකි.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන තේ අපනයනකරුවෙකු වන රුසියාව අන්තර්ජාතික තලයේ දී ශ‍්‍රී ලංකාවට සෑම විට ම සහාය පල කල රාජ්‍යයකි.කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ දී ද රුසියාව රාජ්‍යතාන්ත‍්‍රික වශයෙන් පමණක් නොව ආර්ථික හා යුදමය වශයෙන් ද අපට නිරන්තරයෙන් උදව් උපකාර කළ මිත‍්‍රශීලී රාජ්‍යයකි.
එමෙන් ම පසුගිය කාලයේ යුධ අපරාධ චෝදනා මානව හිමිකම් කඩ කිරීමේ චෝදනාවල දී ආර්ථික සම්බාධක හමුවේ අප රටේ ආරක්ෂාව රැකවරණය වෙනුවෙන් සෑම විටම ශ‍්‍රී ලංකාවේ රැකවරණයට පැමිණි රාජ්‍යයකි.
එවැනි මිත‍්‍රශීලි රාජ්‍යයකට ශ‍්‍රී ලංකා රජය විසින් නව තානාපති කාර්යාලයක් ඉදිකිරීම සඳහා වෙන් කොට ලබා දී ඇති භූමියකට මේ ආකාරයට කඩා පැනීම රාජ්‍යතාන්ත‍්‍රික නීතිරීති මෙන්ම ප‍්‍රඥ්ප්ති උල්ලංඝණය කිරීමකි.
මෙය බටහිර රටවල් වල අනුදැනුම ඇතිව ක‍්‍රියාවට නංවන ලද්දක් ද යන්න පැහැදිලි සැකයකි. මෙම සිදුවීම මිත‍්‍රශීලී රටක් අපෙන් ඈත් කිරීමට ගන්නා ලද දුෂ්ට දේශපාලන ක‍්‍රියාදාමයකි.
මේ පිළිබඳව වහාම සොයා බලා ඉහත ක‍්‍රියාවට සම්බන්ධ වූ පිරිස් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිටින අතර දුෂණ විරෝධී මුවාවෙන් බටහිර න්‍යාය පත‍්‍රයේ කොන්ත‍්‍රාත් කර ගැසීම, රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා බිද දැමීම හා අවුල් කිරීම සඳහා දරණ උත්සාහයන් පිළිබඳව සොයා බලන ලෙස ගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අවධානය යොමු කරවනු කැමත්තෙමි.
තෙරුවන් සරණයි.
මෙයට,
සසුන් ලැදි
බුදුගල ජිනවංස හිමි
සභාපති
හෙළ බොදු සවිය
Friday, February 6, 2015
දුෂන හොයන්න රුසියානු තානාපති කාර්යාල වැඩබිමට ජවිපෙ කඩා පනී..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment