යුක්රේනය ඇමරිකාවේ 51වන ප‍්‍රාන්තය වගේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 6, 2015

යුක්රේනය ඇමරිකාවේ 51වන ප‍්‍රාන්තය වගේ

යුක්රේනය ලෝකයේ වටප‍්‍රමාණයෙන් අඩක් දුරින් පිහිටා තිබුණත් ඇමරිකාව හැසිරෙන්නේ එය තම 51වන ප‍්‍රාන්තය ආකාරයෙන් බව යුධ විරෝධී විසඳුම සන්ධානයේ රිචඞ් බෙකර් පවසා තිබේ.

ඔහු පවසා ඇත්තේ යම් රටක තම අභිලාෂයන් ඉටුකරගනිද්දී ගිවිසුම් හා එකගතාවයන්ට අර්ථකථන සපයන්නේ ඇමරිකාව විසින් බවයි.

පසුගිය මින්ස්ක් එකගතාවයට අනුව සටන් නැවැත්වීමට සහ බර අවි ඉවත් කරගැනීමට කියෙව් රජයේ හමුදා සහ නැගෙනහිර යුක්රේන සටන්කාමීන් දෙපිරිසම කැමැත්ත පළ කළත් යුක්රේන රජය වෙත අවි සැපයීමට ඇමරිකාව විසින් මේ වන විට කටයුතු යොදමින් සිටී.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ මෙමගින් මින්ස්ක් එකගතාවයන් උල්ලංඝනය නොවන බවයි.  ඇමරිකාව විසින් කියෙව් හමුදාවන් වෙත සංකීර්ණ අවි පද්ධති සහ පුහුණුකරුවන් ලබාදෙන්නේ නම් එමගින් යුක්රේන සිවිල් යුද්ධයට දැඩි බලපෑමක් සිදුවනු ඇති බවත් සැහැල්ලූ අවි මගින් එවැනි බලපෑමක් සිදුනොවනු ඇති බවත් බෙකර්ගේ අදහසයි.

මේ අතර යුක්රේන අර්බුදය උත්සන්න කරන්නේ රුසියානු ආක‍්‍රමණිකත්වයක් විසින් නොව යුක්රේන රජය විසින් බව ලේඛකයකු හා මාධ්‍යවේදියකු වන ඔලිවර් ටිකල් පවසා තිබේ.  

ඔහු පවසා ඇත්තේ නැගෙනහිර යුක්රේන සටන්කාමීන් කියෙව් රජය සමග සාකච්ඡ මාර්ගයට අවතීර්ණ වීමට උත්සහ දරන විට එය ප‍්‍රතික්‍ෂේප කර සිවිල් වැසියන් බහුල ප‍්‍රදේශවලට ෂෙල් ප‍්‍රහාර එල්ල කිරීම ඇරඹුවේ කියෙව් පාලනය විසින් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad