හිටපු නීතිපති, ජනාධිපති උපදේශක, සහ කැබිනට් මණ්ඩල නීති උපදේශකවරයකු වූ මොහාන් පීරිස් මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ඊයේ (02) රිට් පෙත්සමක් ගොනු කරන ලදී.
නීතිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී කොළඹ ඩොක්යාඩ් සමාගමෙන් ලැබිය යුතු රුපියල් මිලියන 619ක බදු මුදලක් රජයට අහිමි කිරීම සම්බන්ධයෙන් මොහාන් පීරිස් මහතාට එරෙහිව ඇති පැමිණිලි විමර්ශනය කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට සහ එහි සාමාජිකයන්ට නියෝග කරන ලෙසද මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබේ.
නියෝජ්‍ය රේගු අධිකාරිවරයකු වන ටී.ආර්. රත්නසිරි සහ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මෙහි පෙත්සම්කරුවෝ වෙති. අල්ලස් හෝ දූෂණ කොමිසමෙහි සභාපති ඩී.ජේ. ද එස් බාලපටබැඳි සහ එහි සාමාජිකයන් වන එල්.කේ. විමලචන්ද්‍ර, ජයන්ත වික්‍රමරත්න, ගනේෂ් ආර්. ධර්මවර්ධන, ලක්ෂ්මන් විජේතුංග සහ මොහාන් පීරිස් මහතා සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවෝ වෙති.
පෙත්සම්කරුවන් සඳහන් කරන පරිදි කොළඹ ඩොක්යාඩ් සමාගම සම්බන්ධවී බෝට්ටු නිෂ්පාදන ආයෝජන ව්‍යාපෘතියක් සිදුකර ඇත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල අනුමත ව්‍යාපෘතියක් වූ එහි බෝට්ටු 21 ක් සම්බන්ධයෙන් කළ ගනුදෙනුවක් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන නැත. එයින් රජයට අහිමි වූ බදු ආදායම රුපියල් මිලියන 619ක් බව පැවසේ.
මේ සම්බන්ධයෙන් මෙහි පළමුවැනි පෙත්සම්කරු විසින් විමර්ශනයක් කර ඇත. මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් බදු ක්ෂමා නීතිය යටතේ සහන සැලසීමට කටයුතු කර ඇති අතර රේගු විමර්ශන කටයුත්තද අත්හිටුවා තිබේ.
එම තීරණය අභියෝගයට ලක්කරමින් පළවන පෙත්සම්කාර සහකාර රේගු අධිකාරි රත්නසිරි මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්කළ අතර එහිදී එවකට නීතිපති මොහාන් පීරිස් මහතා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා බදු ක්ෂමාව ඉවත්කර ගැනීමටද රේගු විමර්ශනය දිගටම කරගෙන යාමටද අධිකරණය හමුවෙහි පොරොන්දු වී තිබේ.
කෙසේ වුවද රේගු විමර්ශනය නිසිලෙස සිදු නොවූ අතර කොළඹ ඩොක්යාඩ් සමාගම අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව අභියාචනාධිකරණය විසින් එම විමර්ශන කටයුතු අත්හිටුවන නියෝගයක් ලබාගෙන තිබේ.
එම නියෝගයට එරෙහිව සහකාර රේගු අධිකාරිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ අතර එම පෙත්සම අධිකරණයෙහි කැඳවූ අවස්ථාවල නීතිපතිවරයා දිගින් දිගටම වෙනත් දින ලබා ගනිමින් නඩුව කල් යවා ගත් බව සඳහන් වේ.
පසුව අගවිනිසුරු ධුරයෙහි කටයුතු කිරීමට පටන්ගත් මොහාන් පීරිස් මහතා වෙනුවට විනිසුරු මඩුල්ලක් පත් කරමින් ඒ ඉදිරියෙහි අදාළ නඩුව කැඳවා පෙත්සම නිෂ්ප්‍රභා කළ බව සඳහන් වේ.
අගවිනිසුරු ධුරයෙහි කටයුතු කරන්නා සෑම විටම අධිකරණය කෙරෙහි ජනතාවගේ විශ්වාස සහ ගරුත්වය ආරක්ෂා කිරීමට කටයුතු කළ නමුත් මොහාන් පීරිස් මහතා අධිකරණ පද්ධතියෙහි ගරුත්වය කෙළෙසීමට කටයුතු කළ බව සඳහන් වේ.
නීතිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී රජයට අයකර ගැනීමට තිබූ රුපියල් මිලියන 619ක මුදලක් අලාභ කිරීම සහ දිගින් දිගටම පක්ෂග්‍රාහීව කටයුතු කිරීම මඟින් මොහාන් පීරිස් මහතා විශාල වරදක් කර ඇති බව පෙත්සමෙහි සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් මොහාන් පීරිස් මහතාට එරෙහිව වගඋත්තරකරුවන් විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් සිදු කර ඇතත් මෙතෙක් ඒ සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකර නැත. වංචා සහගත ක්‍රියාවලට සම්බන්ධ වී සහ චෝදනා එල්ල වී සිටින මොහාන් පීරිස් මහතා රට හැර යාමේ අවදානමක් ඇති බැවින් ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අත්හිටුවීමඅත්‍යාවශ්‍ය බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
දිනමිණ ඇසුරෙනි
Tuesday, February 3, 2015
මොහාන් පීරිස්ගේ පාස් පෝට් එක අත්හිටුවන්නැයි රිට් පෙත්සමක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment