ඊයේ ජාතික නිදහස් දින උත්සවයෙන් පසුව සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකට කොළඹ ජනාධිපති මන්දිරයේ පැවැති භෝජන සංග්‍රහයකට සහභාගී වූ දුමින්ද සිල්වා හා ඔහුගේ නැගණිය වන දිලිණි සිල්වා දෙදෙනා ජනාධිපතිවරයා සමඟ ඡායාරූපයකට පෙනී සිටීමට දැඩි උත්සහයක් ගෙන තිබුණු බව වාර්තාවේ.
එහෙත් ඒ වැලැකී ඇති අතර පසුව අනෙක් මැති ඇමැතිවරුන් සමඟද කුළුපගව කතා බහකිරීමට ගත් උත්සහයද අසාර්ථක වී තිබිණි. මෙම අවස්ථාවට සජින් වාස් ගුණවර්ධන යන මන්ත්‍රීවරයාද සහභාගී වී සිටි අතර ඔහු සමඟද කිසිවකුත් කතා බහ නොකර සිටීමට පරිස්සම් වී තිබේ.
මෙම භෝජන සංග්‍රහය ජනාධිපතිවරයා හා එම ආර්යාවගේ ආරාධනයෙන් පැවැත්විණි. මේ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මැති ඇමැතිවරු කිහිප දෙනෙකුටද ආරාධනා කර තිබුණි.
මේ සමඟ වන ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම අවස්ථාවට දුමින්ද සිල්වා හා නැගණිය සහභාගී වී සිටි අන්දමයි. මේ වන විට දැඩි දූෂණ චෝදනා මෙන්ම කුඩු ජාවාරම් සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරු දෙදෙනාට චෝදනා එල්ලවී ඇත.
Source By : lankadaily
Thursday, February 5, 2015
දුමින්දයි නංගියි දෙන්නම පච වී යති
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment