තමන්ට ඡන්දෙ දුන්නු අයට රොඩියෝ කියලා ගම්මන්පිල කියනවා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 2, 2015

තමන්ට ඡන්දෙ දුන්නු අයට රොඩියෝ කියලා ගම්මන්පිල කියනවා..

පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල විසින් රොඩියෝ යයි කියා ඇත්තේ ඔහුට ඡන්දය දුන් මිනිස්සුන්ට යයි බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා පවසයි.

‘උදය ගම්මන්පිල මහත්තයා කියලා තිබුණා පිනට දීපු දේවල් ආපහු ඉල්ලන්නේ රොඩියෝ කියලා. එතුමා මේ රොඩියෝ කියන්නේ කාටද?තමන්ට රුපියල් සියය ගාණේ එකතු කරලා රුපියල් හතලිස් හතර ලක්ෂයක් එකතු කරලා දුන්නු ජනතාවට. 

තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට සහයෝගය දුන්නු ජනතාවටයි. මම ජාතික හෙළ උරුමය හැටියට ඒ ජනතාවගෙන් සමාව ඉල්ලනවා.

මගේ මැතිවරණ ව්‍යාපාරයටත් ඒ සල්ලි යෙදෙව්වා කියලා ඒ මදිවට එතුමා කියනවා. එහෙම නම් අය වැය ප‍්‍රකාශ කරන මාධ්‍ය හමුවේදී එදා මගේ නම නොකීවේ ඇයි? 

දැන් තමයි මතක් වෙලා තියෙන්නේ ඔහුට මගෙන් රුපියල් පනහක් ඉල්ලගන්නයි’ යයිද මන්ත‍්‍රිවරයා අදහස් පල කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad