යුක්රේනයේ කිතුණු සොයුරන් අතර ඇණ කොටා ගැනීම් නවතන්න – පාප්තුමා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 6, 2015

යුක්රේනයේ කිතුණු සොයුරන් අතර ඇණ කොටා ගැනීම් නවතන්න – පාප්තුමා

යුක්රේනයේ කිතුණු සොයුරන් අතර ඇණ කොටා ගැනීම් නවතා සාමයේ මාවතට අවතීර්ණ වන ලෙස ශුද්ධවූ ෆ‍්‍රැන්සිස් පාප්තුමන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

සති පතා පැවැත්වෙන පොදු ජනතාවගේ දේව මෙහෙයට එක්වූ ඔහු ඉල්ලා ඇත්තේ මේ බිහිසුණු සහෝදර ඝාතනය හැකි ඉක්මනින් අවසන් කරන ලෙස දෙවියන්ට යාඥා කරන ලෙසයි.

ජයග‍්‍රහණය හෝ පරාජය යන වචන සිය සවනට වැටෙද්දී තමන්ට දැඩි වේදනාවක්, හදවතට විශාල දුකක් දැනෙන බව පාප්තුමන් පැවසූ බව වතිකානු පුවත් සේවය වාර්තා කර තිබේ.

ඒවා නිවැරදි වචන නොවන බවත් එකම නිවැරදි වචනය වන්නේ සාමය පමණක් බවත් ඔහුගේ අදහසයි.යුක්රේන සිවිල් යුද්ධයේ පාර්ශ්වකරුවන් වී ඇති සොයුරන් හා සොයුරියන් පිළිබඳව තමන්ට පෙනෙන්නේ කිතුණුවන් අතර යුද්ධයක් ලෙසින් බව ෆ‍්‍රැන්සිස් පාප්වරයා පවසා තිබේ.

යුක්රේනය අර්බුදය පිළිබඳව සමබර ස්ථාවරයක් දැරීම හා විනාශයට පත්වූ දේශයේ සාමය වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව මින් පෙර රුසියානු  ඕතොඩොක්ස් පල්ලියේ නායකයා වන කිරිල් පියතුමන් රෝමානු කතෝලික පල්ලියේ නායකත්වය දරන ෆ‍්‍රැන්සිස් පාප්තුමන්ට ස්තූති කර ඇත.

2014 අපේ‍්‍රල් මස සිට මේ දක්වා යුක්රේන යුද්ධයෙන් ජීවිත 5350 අහිමිවී ඇති බව එක්සත් ජාතීන්ගේ නවතම සංඛ්‍යාලේඛන වලින් දක්වා තිබේ.
ප‍්‍රචණ්ඩත්වය අවසන් කර කල් පවත්නා එකගතාවයක් වෙනුවෙන් දෙපාර්ශ්වය සාකච්ඡුා මාර්ගයට ගෙන ඒමට මෙතෙක් දැරූ සියලූ උත්සහයන් අසාර්ථකවී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad