උතුරේ අක්කර 26,000ක අධි ආරක්‍ෂිත කලාපයෙන් 10,000ක් ඉවත් කරලා.. ඉතිරියත් ඉවත් කරන්න හදනවා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 6, 2015

උතුරේ අක්කර 26,000ක අධි ආරක්‍ෂිත කලාපයෙන් 10,000ක් ඉවත් කරලා.. ඉතිරියත් ඉවත් කරන්න හදනවා..

යහපාලන ආණ්ඩුවේ ඇත්ත සටන් පාඨය වන්නේ ‘දකුණට යහපාලනය-උතුරට ස්වයංපාලනය’ බව ජාතික නිදහස් පෙරමණ පවසයි.

එමප පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් දැක්වීය.

‘මේ යහපාලන දින 100 වැඩපිළිවෙළට සමගාමීව අද බෙදුම්වාදී දින 100ක වැඩපිළිවෙළකුත් ක‍්‍රියාත්මක වෙනවා. ‘දකුණට යහපාලනය – උතුරට ස්වයංපාලනය’ ඒක තමයි වර්තමාන ආණ්ඩුවේ නොකියන සටන් පාඨය.

අද උතුරට යන කිසිවකු පරීක්‍ෂා කරන්නේ නැහැ. ත‍්‍රස්තවාදය හිස එසවීම වැළැක්වීමට මහත් රුකුළක් වුණු, ගෝපි, අප්පන් අල්ලා ගැනීමට උපකාරී වූ  ඕමන්තේ මුරපොළ අද ඉවත් කරලා. අද වවුනියාවේදී පොලිස් නිලධාරියකුට නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා තිබෙනවා. 

‘අධිආරක්‍ෂිත කලාපයට අක්කර 26,000ක් අයත්ව තිබුණා. දැන් ඉන් 10,000ක් ඉවත් කර තිබෙනවා. ඉතිරි අක්කර 16,000ත් තවදුරටත් අඩු කරන ලෙස අපට ඉල්ලීම් ලැබී තිබෙනවා. අපි ඒ දෙය කරන්නේ කෙසේද කියා කල්පනා කරමින් සිටිනවා’ කියා පසුගියදා හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසා තිබුණා. 

එහෙම කියපු හමුදා ප‍්‍රකාශකවරයා එම ධුරයෙන් ඉවත් කරනු ලැබුවා. චම්පික රණවක මහතා පසුගියදා උදයන් පුවත්පතට කියා තිබෙනවා, ‘දැනට තිබෙන අධිආරක්‍ෂිත කලාපයේ ඉඩම්ද දෙමළ ජනතාවට ලබා දිය යුතුයි’ කියලා. ඒ අනුව අපට ඉතා පැහැදිලියි තිබෙන අධිආරක්‍ෂිත කලාප ඉවත් වෙමින් තිබෙන බව.

පසුගිය කාලයේ ශ‍්‍රී ලංකා මුහුදු සීමාවට බලහත්කාරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවරයන් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත්තා. ඒ නාවික හමුදා ආරක්‍ෂක වලල්ල අද තිබෙනවාද? කියන ප‍්‍රශ්නය අපට ඇති වී තිබෙනවා. ඒ විතරක් නොවෙයි කටුනායක ගුවන් තොටුපළේ ප‍්‍රභූ පර්යන්තයෙන් ඩොනල්ඞ් ඥානකෝන්, කැලම් මැක්රේ ඇතුළු කොටි හිතවාදීන් ශ‍්‍රී ලංකාවට පැමිණෙමින් සිටිනවා. 

නමුත් ඒ සියල්ල ‘යහපාලන මාධ්‍ය අධිකාරිය’ විසින් වසා දමා තිබෙනවා.ඒ විතරක් නොවෙයි, දකුණු ඉන්දියාවේ සිටින දෙමළ සරණාගතයන් යැයි කියමින් ඉන්දියානුවන්ද සහිතව ලක්‍ෂ ගණනක් උතුරේ නැවත පදිංචි කිරීමට සූදානම් වෙමින් සිටිනවා. 

මේක ඉතාමත් භයානක තත්ත්වයක්. මේ තත්ත්වය ඉන්දියාවේ බුද්ධි අංශවලට, ශ‍්‍රී ලංකාව තම අත්අඩංගුවට ගැනීමට ඉමහත් රුකුළක් වේවි.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විදේශ අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරු ඉතා පැහැදිලිව කියා තිබෙනවා, ‘13 සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කිරීමට අපි එකගයි. උතුර නිර්මිලිටරිකරණය කිරීමට අපි එක`ගයි’ කියලා.

ඒ අනුව ඉතා පැහැදිලියි යහපාලන දින 100 තුළ බෙදුම්වාදී උවමනාව ඉතාමත් හොඳින් ඉටු වන බව. මේ සියල්ල සිදුවන්නේ මාධ්‍යවලට මුකවාඩම් දාලා. දකුණු හා මධ්‍යම ආසියාව භාර ඇමෙරිකානු එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්වරිය වූ නීසා බිස්වාල් මහත්මියගේ නිල මාධ්‍ය සාකච්ඡුාවේදී ප‍්‍රශ්න නොඅසන ලෙස මාධ්‍යවේදීන්ට කළ බලපෑම අඩු තරමින් මාධ්‍ය මගින් අනාවරණය කළේවත් නැහැ. 

මෙවැනි තත්ත්වයක් යහපාලන මහත්වරුනේ ‘රාජපක්‍ෂ රෙජීමය’ යටතේ තිබුණාද? කියා අපි අහනවා. මේකද යහපාලන මාධ්‍ය නිදහස?
අධිකරණයේ ස්වාධීනත්වයට කුළුගෙඩි පහරක් එල්ල කරමින් අගවිනිසුරු මොහාන් පීරිස් මහතා බලහත්කාරී ලෙස ධුරයෙන් ඉවත් කිරීමට මූලිකත්වය ගෙන ක‍්‍රියා කළ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ උපුල් ජයසූරිය මහතාට ‘කළ සේවය’ වෙනුවන් අද ‘යහපාලන’ ආණ්ඩුව කෘතගුණ සලකා තිබෙනවා. 

එතුමාට ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය පිරිනමා තිබෙනවා. අපූරු යහපාලනය. ඒ තෑග්ග දෙන ගමන් තමන්ගේ මල්ලීට ටෙලිකොම් සභාපති ධුරය පිරිනමනවා. අපූරු යහපාලනය. යහපාලනය පෙන්වා, දැවැන්ත ෆෙඩරල් පාලනයකටයි මේ අය මේ රට රැගන යන්නේ. මේ තත්ත්වයට  එරෙහිව නැගී සිටින ලෙස අපි සියලූ ශ‍්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.’’

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ

No comments:

Post a Comment

Post Bottom Ad