යහපාලන ආණ්ඩුව ඇමති චම්පික රණවක අත්අඩංගුවට ගත යුතුයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 6, 2015

යහපාලන ආණ්ඩුව ඇමති චම්පික රණවක අත්අඩංගුවට ගත යුතුයි..

ඇමති පාටලී චම්පික රණවක මහතා යහපාලන ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගත යුතු යයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එහි මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා පවසන්නේ ජනාධිපතිවරණ සමයේදී රණවක මහතා විසින්  මහින්ද රාජපක්ෂ මහතා කේ.පී. සමග පෙනී සිටින ආකාරයට ව්‍යාජ ලෙස සැකසූ ඡායාරූප මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවයි. 

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රුවද එසේ විකෘති කර කිබූ බව ඔහු කියා සිටියේය. ඒ සම්බන්ධයෙන් රහස් පොලිසිය හමුවේ පැමිණිල්ලක් ගොනු වී ඇති බවද පවසන ඔහු අද එය යටපත් කරමින් සිටින බවද කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad