ඉස්ලාමික රාජ්‍ය ත‍්‍රස්තවාදීන්ගේ අත්අඩංගුවේ සිටි ජෝර්දාන ගුවන් නියමුවකු පණ පිටින් පුළුස්සා මරා දැමීමට ප‍්‍රතිචාරයක් ලෙස ජෝර්දානය විසින් අල් කයිඩා සිරකරුවන් දෙදෙනෙකු එල්ලා මරා දමා ඇතැයි වාර්තා වේ.
අල් කයිඩා සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකාරියකවූ සජිඩා අල් රිෂාවි මෙලෙස මරණීය දණ්ඩනයට ලක්කර ඇති අතර අනෙක් සිරකරුවා සියාඞ් අල් කර්බූලි නමැත්තෙකු බව ජෝර්දාන රජයේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් අල් මොමානි පවසා තිබේ.
මින් දශකයකට පමණ පෙර පුද්ගලයින් 60 දෙනෙකුට පමණ මරු කැඳවමින් අල් කයිඩා සංවිධානය විසින් ජෝර්දානයට එල්ල කළ ප‍්‍රහාරයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවාගැනීමට අසමත්වූ අල් රිෂාවි ජෝර්දාන ආරක්‍ෂක අංශ වල අත්අඩංගුවට පත්වූ අතර ඇය වෙත එල්ලවූ චෝදනා අධිකරණය විසින් විභාග කර අවසන් කර මරණීය දණ්ඩනය පැණවීමට නියමිතව තිබුණු බව පැවසේ.
ජ්‍යෙෂ්ඨ අල් කයිඩා සිරකරුවෙකු වන අල් කර්බූලි ජෝර්දාන රාජ්‍යයට එරෙහිව පහරදීමට සැලසුම් කිරීමේ වරදට මරණ දඬුවම පණවනු ලැබූවෙකි.
අම්මාන් රජය විසින් ඉස්ලාමික රාජ්‍ය අත්අඩංගුවට පත්වූ 26 හැවිරිදි ගුවන් නියමු මොආත් අල් කසාස්බේ වෙනුවට අල් රිෂාවි හුවමාරු කරගැනීමට උත්සහ කළ නමුත් එය අසාර්ථක විය.
කසාස්බේ පුළුස්සා මරා දමන වීඩියෝවක් අන්තර්ජාලයේ පළ කළ පසුව ජෝර්දානය පුරා විරෝධතා ඇවිළ යමින් ඇති අතර එය මින් මසකට පෙර ජනවාරි 3වනදා පටිගත කරන ලද්දක් බව ජෝර්දානයේ විශ්වාසය පළවී ඇතැයි පැවසේ.
Friday, February 6, 2015
ගුවන් නියමු ඝාතනයට ප‍්‍රතිචාර ලෙස ජෝර්දානය සිරකරුවන් දෙදෙනෙකු එල්ලා මරයි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment