ශ්රී ලංකාවේ පැවති යුද්ධයේ අවසාන කාලයේදී සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් දේශීය වශයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා නව ආණ්ඩුව ගෙන ඇති තීන්දුවට පොදු රාජ්‍ය මණ්ඩලය ප්‍රසාදය පළ කරයි.
පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් කමලේෂ් ශර්මා එසේ සඳහන් කලේ ශ්‍රී ලංකාවේ තෙදින සංචාරය අවසානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ආණ්ඩුවේ නායකයන් හමුවීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමිනි.
දේශීය පරීක්ෂණය පැවැත්වීම සඳහා ආධාර කිරීමට පොදු රාජ්‍ය මණ්ඩලය සූදානම් බවද ඔහු සඳහන් කරයි.
උතුරු සහ නැගෙනහිර පළාත්වලට නව සිවිල් ආණ්ඩුකාරවරුන් පත්කිරීම, ශ්‍රීපවන් නව අගවිනිසුරු පදවියට පත්කිරීම ආදී ආණ්ඩුව විසින් ගෙන ඇති පියවරයන් ගැනද මහ ලේකම්වරයා ප්‍රසාදය පළ කරයි.
Wednesday, February 4, 2015
පොදු රාජ්‍ය මණ්ඩලය යුධ අපරාධ පරීක්‍ෂණයට සහාය දෙයි…
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment