ලංකාවට දුන් ණය හොරා කාලාද..?.. මංගල ලෝක බැංකුවෙන් පරීක්‍ෂණයක් ඉල්ලයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 6, 2015

ලංකාවට දුන් ණය හොරා කාලාද..?.. මංගල ලෝක බැංකුවෙන් පරීක්‍ෂණයක් ඉල්ලයි..

පසුගිය පාලන සමයේ ශ‍්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ලබා දී ඇති ආධාර හා ණය මුදල් විධිමත් ලෙස වියදම් කර තිබේද නැතහොත් එම ආධාර හා ණය මුදල් වංචාකර තිබේදැයි ලෝක බැංකුවෙන් පරීක්ෂණයක් කරන ලෙස තමන් ඉල්ලීමක් කරන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඇමෙරිකාවේ විශේෂ සංචාරයක තමන් බදිරි දින කිහිපයේදී යෙදෙන බවත් එහිදී ප‍්‍රමුඛම කාර්ය ලෙස මෙම ඉල්ලීම ලෝක බැංකුවට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා කීය.

ශ‍්‍රී ලංකාවේ පසුගිය කාලය තුළ සිදුවූ හොරකම් හා වංචා දුෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට රටවල් රැසක බුද්ධි අංශ වල සහාය ලබාගන්නා බවත් අමාත්‍යවරයා කීය.

No comments:

Post a Comment

Post Bottom Ad