ශ්‍රීලනිපය දිනවන්න නායකත්වය දෙනවා – ජනපති මෛත‍්‍රී යළිත් සහතික වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 30, 2015

ශ්‍රීලනිපය දිනවන්න නායකත්වය දෙනවා – ජනපති මෛත‍්‍රී යළිත් සහතික වෙයි

ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් තමා නායකත්වය ලබාදෙන බවට පෙරේදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී පක්ෂ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහතික වී තිබේ.

මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂ නායකත්වයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තු කණ්ඩායම ඔහුගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ශක්තිමත් කිරීමට සමඟියෙන් වැඩ කරමුයි ශ්‍රී ලනිප මන්ත්‍රිවරුගෙන් ඉල්ලීමක් කර ඇති ජනාධිපතිවරයා තමා පක්ෂ නායකත්වයේ සිටින තුරු පක්ෂය දෙකඩ වීමකට ඉඩ නොතබන බවත්, පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට කන්නොදී ඔවුන් නොසලකා හැරීමක් සිදුවීමෙන් පක්ෂය දුර්වල වූ බවත්, පිටස්තර වෙනත් අයගේ ඕනෑ එපාකම් ඉටු කිරීම ඒ තත්ත්වයට හේතුකාරක වූ බවත් ජනාධිපතිවරයා පෙන්වාදී තිබේ.

පක්ෂය ඇතුළේ විවේචන කිරීමට කිසිදු බාධාවක් නැති බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා ප්‍රශ්නයකදී එකට සිට එකට ඡන්දය දිය යුතු බවද සඳහන් කර ඇත.


පක්ෂ අභ්‍යන්තර කටයුතු අවුල් කරන්නට පිටස්තර අය ගෙන යන ව්‍යාපාරවලට හසු නොවන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කොට තිබේ.

– Mawbima

No comments:

Post a Comment

Post Bottom Ad