මාස 5කට පසු රන් අවුන්සයක් ඩොලර් 1300 පනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 30, 2015

මාස 5කට පසු රන් අවුන්සයක් ඩොලර් 1300 පනී

2014 වසරේ අගෝස්තු මාසයෙන් පසුව රත‍්‍රන් අවුන්සයක මිල ඩොලර් 1300 ඉක්මවා ඇතැයි වාර්තා වේ.

නිව්යෝක් වෙළඳපොළේ රන් අවුන්සයක් ඩොලර් 1303.63ක මිලකට අලවි වූ අතර එය 1.5%ක වර්ධනයකි.  පෙබරවාරි මාසය සඳහා ඉදිරි මිලද ඩොලර් 1292.50 දක්වා 1.2%කින් ඉහළ ගොස් තිබේ.

2013 වසරෙන් පසු පළමු වරට පසුගිය සතියේදී රත‍්‍රන් මිල 4.7කින් ඉහළ ගිය අතර නව වසර ආරම්භයට සාපේක්‍ෂව මේ වන විට රන් මිල වැඩිවීම 10%කි.

ගෝලීය ආර්ථීක මන්දනය මෙයට හේතුවී ඇති බව ලොව පළමු පෙළ රන් තැරැව්කාර සමාගමක් වන ගෝල්ඞ්කෝර්හි පර්යේෂණ අධ්‍යක්‍ෂක මාක්  ඕබ‍්‍රයන් පවසා ඇත.

ඔහු සඳහන් කර ඇත්තේ ජීවිතකාලය තුළ භූ දේශපාලන අවදානම් සහගත බව ඉතාමත් ඉහළ තත්වයක් මේ වන විට පවතින බවයි.
මේ තත්වය මත ඇමරිකානු ෆෙඩරල් සංචිතය, එංගලන්ත බැංකුව, ජපාන බැංකුව සහ යුරෝපා මහ බැංකුව විසින් බැංකු පොළි අනුපාතික පහත දැමීම රන් මිල ඉහළ යාමට සෘජුව බලපා ඇති බවයි.

මේ වන විට බටහිර ලෝකයේ පොළි අනුපාතිකයින් ශුන්‍යයට ළගාවී ඇති බවද  ඕබ‍්‍රයන් පවසා තිබේ.යුරෝපා මහ බැංකුව හඳුන්වාදීමට සූදානම් වන ප‍්‍රමාණාත්මක සහන වැඩපිළිවෙළ පිළිබඳ අවිනිශ්චිතබව විසින්ද රන් මිල ඉහළ යාමට ගතිකතාවයක් ලබාදී ඇතැයි පැවසේ.

2008 සිට 2011 දක්වා ඇමරිකානු ප‍්‍රමාණාත්මක සහන වැඩපිළිවෙළ ක‍්‍රියාත්මකවූ සමයේදී ලෝක රන් මිල 70%කින් ඉහළ යන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad