හයිබ්‍රීඩ් මිල ඉහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 29, 2015

හයිබ්‍රීඩ් මිල ඉහළට

දෙමුහුන් මෝටර් රථ ආනයනයේදී ක්ෂ්‍යවීමේ වගුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේය.

මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ පැවසුවේ ක්ෂ්‍යවීමේ වගුව ඉවත් කිරීම යනු අවුරුදු දෙකක් පැරණි හයිබ්‍රීඩ් මෝටර් රථ ආනයනය කිරීමේදී අයකරන බද්ද සියයට 10 කින් වැඩිකිරීම වැනි ක්‍රියා මාර්ගයක් බවයි.

“මේ නිසා, දෙමුහුන් මෝටර් රථවල මිල අනිවාර්යෙන්ම වැඩි වෙනවා. මෙම යෝජනාව මෙම මෝටර් රථවල බද්ද සියයට 10 කින් පමණ වැඩිකිරීමට සමානයි.“ යනුවෙන් ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පැවසීය.

– adaderanabiz.lk

No comments:

Post a Comment

Post Bottom Ad