අපි මහින්දට බය වුණෙත් නෑ.. මෛත‍්‍රීපාලට බය වෙන්නෙත් නෑ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 31, 2015

අපි මහින්දට බය වුණෙත් නෑ.. මෛත‍්‍රීපාලට බය වෙන්නෙත් නෑ…

තම සංවිධානය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට වූයේ නැති බවත් නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනටද බය වෙන්නේ නැති බවත් බොදු බල සේනා සංවිධානය පවසයි.

එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කොළඹදී මාධ්‍ය අමතමින් මෙසේද ඛියා සිටියේය.

‘යහපාලනයක් සාධාරණ සමාජයක් හා පිවිතුරු හෙටක් හදන්න සූදානම් නම් ජාතික සංවිධානවලට පාට් නොදා එම අදහස් වලටද චාන්ස් එකක් දෙන්නැයි අප ඉල්ලා සිටිනවා.

ඇමති රාජිත සේනාරත්නට බොදුබල සේනාව වහකදුරු වගේ විතරක් නොවෙයි.  බෝවන රෝගෙකට බයේ වෙවුලන තත්ත්වයකට පත්වෙලා.
ඔහු මේ  දිනවල තනියෙන් බෝලා දානවා. 

ඔහුම පහර දෙනවා හරියට පාළු ගෙයි වළං බිදිනවා වගේ.  පසුගිය ආණ්ඩුවේදීත් මේ ඇමතිවරයාගේ නොහික්මුණු කතා නිසා හා නිර්දය විවේචන නිසා නොහිතන මානයකට  අපේ වැඩකටයුතු වෙනස් කරන්න සිදුවුණා’

No comments:

Post a Comment

Post Bottom Ad