සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මූල්‍ය වංචාවට සරණට නොතිසි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 31, 2015

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මූල්‍ය වංචාවට සරණට නොතිසි

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සේවය කරමින් ආණ්ඩුවට පාඩුවිය හැකි බව දැන දැනම ස්වකීය ධුරය භාවිත කරමින් ලොතරැයි මණ්ඩලයට කුලී පදනම යටතේ හිතවතුන්ගේ වාහන යොදා ගනිමින් ඒවා අලුත්වැඩියා කිරීමට හා අත්තිකාරම් මුදල් ගෙවීමෙන් රුපියල් කෝටි ඒකහමාරක මුදලක් යෙදවීමෙන් දුෂණයක් සිදු කළ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රි සරණ ගුණවර්ධන මහතාට ලබන මස 11 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (30) නොතිසි නිකුත් කෙළේය.

මෙසේ නොතිසි නිකුත් කරනු ලැබුවේ අංක 15/3 , විජයරාම පාර, ගම්පහ පදිංචි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති බමුණුආරච්චිපතිරණනැහැලගේ සරණ ගුප්ත ගුණවර්ධන මහතාටය.

අල්ලස් හෝ දුෂණ මර්දන කොමිසම් සභාව විසින් ඊයේ සැකකරුට විරුද්ධව චෝදනා 54 ක් යටතේ අධිකරණයේ පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් කරුණු සළකා මහෙස්ත්‍රාත්වරයා ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් නොතිසි නිකුත් කෙළේය.

සැකකරු සිය ධුරය සෘජුව හෝ වක්‍රව භාවිත කරමින් කුලී පදනම යටතේ අංක 253-8978, WPGN -1353, WPLG-6927, WPLG-6913, WPLG-6917, WPLG-6914, WPLG-6875, 325-3085, 253-9490, 253-6442, 254-0326, WPGN-1353, WPPA-8819, WPG-5957, 253-8978, WPKG-5757, 252-9958, 252-9658, WPGB-5672, 325-3085, 251-4761, WPLL-5991, WPLA-2763, WPLC-1011, WPLB-9657 WPLP-9525, WPLD-6108, WPLD-6103, WPLD-6101, WPLD-6109 යන වාහන ලොතරැයි මණ්ඩලය වෙත යොදා ගැනීමට නිලධාරීන් පෙළඹවීමෙන් අල්ලස් පනතේ (ඉ) වගන්තියේ දුෂණය නම් චෝදනාව සිදු කර ඇති බවට කොමිසම අධිකරණ‍ය හමුවේ නඩු පවරා තිබිණ.

ජයසූරියආරච්චිගේ සුනීතා ජයසූරිය, සමරසිංහ අරණායක ලියනගේ ප්‍රේමසිංහ, ජයසිංහආරච්චිගේ වසන්ත නිහාල්, සරුවබණ්ඩාරගේ ශ්‍යාමල් නිලන්ත කුමාර, රණතුංගආරච්චිගේ රසික රුවන් කුමාර, කරුණනායක අතුකොරළලාගේ ඩෙවිට් ගුණවර්ධන, සමරසිංහ අත්තනායකලියනගේ ප්‍රේමරත්න, අධිකාරිආරච්චිගේ ඉන්ද්‍ර කුමාරි අධිකාරි, රත්නායකමුදලිගේ අනුර රත්නායක, පතිරාජ අප්පුහාමිලාගේ තිලකරත්න මුදන්නායක, චානක රසින්ද්‍ර සේනාතිලක, විජේරත්න ආරච්චිගේ නීල් ශාන්ත, ඈන් එන්ටප්‍රයිසස් , හෙට්ටිආරච්චිගේ ෆිලික්ස් පෙරේරා, විනාරි ලක්වන්ති හෙනරත් හෙට්ටිආරච්චි යන අයට හිමි වාහන සැකකරු මෙසේ ලොතරැයි මණ්ඩලය වෙත යොදවා ඇති බවට අල්ලස් කොමිසම අධිකරණය හමුවේ පවසා සිටියේය.

මීට අමතරව අධිකාරි ආරච්චිලාගේ ඔබේරත්න අධිකාරි නමැත්තාට හිමි මා‍දිවෙල නිවස කුලී පදනම යටතේ මණ්ඩලයට ගැනීමෙන් රුපියල් 3,61959,00 මුදලක් ගෙවීම් කර ඇති බවට ද චෝදනාවක් ගොනු කර තිබිණ. සාක්කිකරුවන් 21ක් හා නඩු භාණ්ඩ 25 ක් යටතේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ගනේෂ් ආර්.ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ නඩු පවරා තිබිණ.

සිරන්ජනී කුමාරි
දිනමිණ ඇසුරෙනි

No comments:

Post a Comment

Post Bottom Ad