බටහිර ඉන්දීය කොදෙව් පිලේ ප්‍රබලතම දඟපන්දු යවන්නා වන සුනිල් නරේන් ලබන මස ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාවට සහභාගී නොවීම හේතුවෙන් එම ස්ථානයට වමත් දඟ පන්දු යවන්නකු වන කිනිටා මිලර් කැඳවා තිබේ.සිය පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයනය කිරීමට අවශ්‍ය බව පවසමින් නරේන් ලෝක කුසලාන සංචිතයෙන් ඉවත්විය. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට පිට පිට දෙවතාවකදීම පසුගිය චැම්පියන් ලීග් තරගාවලියේ දී චෝදනා එල්ල වී තිබිණි.
බංග්ලාදේශයට එරෙහිව 2008 වසරේ ජාත්‍යන්තර එක්දින තරග බිමට පිවිසි තිස්දෙහැවිරිදි මිලර් එක්දින තරග 45කදී කඩුලු 40ක් බිඳ හෙලා ඇත. ඔහු අවසන් වරට එක්දින තරගයකට ක්‍රීඩා කළේ පසුගිය වසරේ මාර්තු මසයේ එංගලන්තයට එරෙහිවය.
මිලර් කොදෙව් සංචිතයට එක්වූ දෙවැනි වමත් දඟ පන්දු යවන්නා වෙයි. මීට පෙර සුලෙයිමාන් බෙන්ද සංචිතයට කැඳවා තිබිණි. ඔහුගේ කැඳවීම ජගත් ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුව විසින් අනුමත කර තිබේ.
කොදෙව් කණ්ඩයමේ ලෝක කුසලාන ආරම්භක තරගය ලබන මස 16වැනිදා අයර්ලන්තය සමගින් නෙල්සන් හිදී පැවැත්වේ.
No comments:
Post a Comment