තරග පාවාදීම සම්බන්ධයෙන් පස් වසරක තරග තහනමකට ලක්ව සිටින පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් අමිර් ට කළින්ම යළි ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වීමට අවසර ලැබී තිබේ.
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ 2010 එංගලන්ත සංචාරයේදී තරග පාවාදීමේ චෝදනාවට ලක්වූ වමතින් වේග පන්දු යවන 22 හැවිරිදි අමිර් හය මසකට සිරගත කළ අතර සියළුම ක්‍රිකට් ක්‍රීඩාවන් ඔහුට තහනම් කෙරිණි.
ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී අමිර් කළින් සැලසුම් කළ පරිදි නීති විරෝධී පන්දු යැවූ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් මොහමඩ් අසිෆ් හා නායක සල්මන් බට් ට ද තරග තහනම් පැනවිණි.
අමිර්ගේ තරග තහනම අවසන් වීමට නියමිතව තිබුණේ 2015 වසරේ සැප්තැම්බර් මස 2 වැනි දින ය. එහෙත් පාකිස්තානය තුළ දේශීය ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඔහුට දැන් අවසර ලබා දී තිබේ.
“මෙය මට අලුත් ජීවිතයකි. වඩාත් හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස පමණක් නොව වඩා හොඳ මනුස්සයෙකු ලෙසිනුත් ඔබට මොහමඩ් අමිර්ව දැක ගන්න ලැබේවි” යැයි ඔහු පවසයි.
ජගත් ක්‍රිකට් කවුන්සලය, පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය මෙන්ම ජගත් ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී හා ආරක්ෂක අංශයේ ප්‍රධානියා වන ශ්‍රීමත් රොනී ෆ්ලැනගන් විසින් දේශීය ක්‍රිකට් ක්‍රීඩාවට අමිර්ගේ යළි පැමිණීම අනුමත කර තිබේ.
තරග තහනමට ලක්වීමට පෙර මොහමඩ් අමිර් ටෙස්ට් ක්‍රිකට් තරග 14කට ක්‍රීඩා කරමින් 29.09ක සාමාන්‍යයකින් යුතුව කඩුලු 51ක් ලබා ගත්තේය. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 15කට ක්‍රීඩා කළ ඔහු එහිදී 24ක සාමාන්‍යයකින් යුතුව කඩුලු 25ක් ලබා ගත්තේය.
Saturday, January 31, 2015
අමිර්ගේ තරග තහනම කලින්ම අවසන්
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment