පෙම්වතිය ඝාතනය කළ පිස්ටොරියස් වසර පහකට සිර ගෙදරට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 21, 2014

පෙම්වතිය ඝාතනය කළ පිස්ටොරියස් වසර පහකට සිර ගෙදරට

පාදඅහිමි ධාවකයා නොහොත් බ්ලේඞ් රනර් ලෙස ලෝක ප‍්‍රකට වු පැරා ඔලිම්පික් මලල ක‍්‍රීඩක ඔස්කා පිස්ටෝරියස් හට අද වසර 05ක සිර දඩුවමක් නියම කෙරුණා.

දකුණු අප‍්‍රිකානු ජාතිකයෙකු වන ඔහුට මෙම සිරදඩුවම නියම කෙරුණේ සිය පෙම්වතිය ඝාතනය කළ බවට එල්ල වු චෝදනා හේතුවෙන්.

සිද්ධියට අදාල නඩුව දකුණු අප‍්‍රිකාවේ ප්‍රෙටෝරියා අධිකරණයේ දී අද විභාගයට ගැනුණා. එහිදී ගිනිඅවි ලග තබා ගැනීමේ චෝදනාවට ද ඔස්කා පිස්ටෝරියස් හට වසර 03ක අත්හිටවු සිරදඩුවමක් නියම කර ඇතැයි විදෙස් මාධ්‍යයන් හී සඳහන්.

කෙසේවෙතත් එළඹෙන වසර 05ක කාලය තුළ ඔහුට කිසිඳු ජාත්‍යන්තර තරගයකට ද සහභාගි වීමට ද නොහැකි වනු ඇති. ජාත්‍යන්තර පැරා ඔලිම්පික් කමිටුව පැවසුවේ පිස්ටෝරියස් හට 2016 වසරේ පැවැත්වෙන පැරා ඔලිම්පික් තරගාවලිය අහිමි වන බවයි.

මනුෂ්‍ය ඝාතනයට අදාලව ඔස්කා පිස්ටෝරියස් වරදකරු කෙරුණේ ඉකුත් සැප්තැම්බර් මාසයේ පැවති නඩු විභාගයේ දීයි.

කෙසේවෙතත් එහිදී සිතාමතා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ චෝදනාවලින් ඔහු නිදහස් කෙරුණා. පිස්ටෝරියස් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් සිය පෙම්වතිය වු ඊවා ස්ටීන්කෑම්ප් ඝාතනය කෙරුණේ ඉකුත් වසරේ පෙබරවාරි මස 14 වැනිදායි.









Neth Fm

No comments:

Post a Comment

Post Bottom Ad