ඉදිරියේදී පැවැත්වෙන පර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ වැදීමට තම සංවිධානය සූදානම් බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහිමියන් සඳහන් කලේ තමනට ජනාධිපතිවරණයකින් ඵලක් නොවන බවත් එළඹෙන මහමැතිවරණයක් සඳහා භික්ෂුන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් යුතු නායකත්වයක් සමග මැතිවරණයට තරඟ කරන බවත්ය.
ඒ අනුව එම මැතිවරණයේදී බොදුබල සේනා නමින් හෝ වෙනත් සිංහල බෞද්ධ පක්ෂයකින් තරග කිරීමට අපේක්ෂා කරන බවත් පැවසූ එහිමියෝ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට තම සංවිධානයට පොදු අපේක්ෂකයෙකුද සිටියද මේ මොහොතේ ඔහු කවුරුන්දැයි හෙළිදරව් නොකර නියමිත වේලාව පැමිණි පසු හෙළිදරව් කිරීමට කටයුතු කරන බවත් කීහ.
Wednesday, October 22, 2014
අපි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනවා..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment