මෙම උත්සවය රත්නපුරේ අංක 423 / 73, ගල්කඩුව වත්ත, රත්නපුර නව නගරය, ලිපිනයේ පිහිටි එම ස්ථානයේ දී සිදුකෙරිණ. 2012 වසරේ දී පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ පස් වෙනියා වූ සහන් ලක්ෂිත සිසුවා සඳහා ලබා දෙන නව නිවස නිදන කාමර 2කින්, සාලයකින්, මුළුතැන්ගෙයකින් සහ නාන කාමරයක් ඇතුළු පහසුකම් රැසකින් සමන්විත වේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක මෙම නිවස ඉදිකර තිබේ.
සහන් ලක්ෂිත ශිෂ්‍යයා ජීවත්වූයේ ඉතා අඩු පහසුකම් නිවසකය. එම අඩු පහසුකම් නිවස ඉදිකර ඇත්තේද අනවසර ඉඩමකය. ඒ අනුව සහන් ලක්ෂිත ශිෂ්‍යයා ඇතුළු පවුල දැඩි අසරණ ජීවිතයක් ගත කළේ ජීවත් වීම සඳහා ස්ථීර නිවසක් ඉදිකරගැනීම සැබැවින්ම සිහිනයක් වූ නිසාය.
එම අඩු පහසුකම් නිවස පිහිටා තිබෙන කරවිට, පලාවෙල ග්‍රාමය දුෂ්කර ප්‍රදේශයක් වන අතර රත්නපුරයේ සිට එම ගම්මානයට යෑමට පැය 2 කට අධික කාලයක් ගතවේ. සහන් ලක්ෂිත සිසුවා රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබයි. මෙවැනි අභියෝග රැසක් මධ්‍යයේ අධ්‍යාපනය හදාරා මුළු දිවයිනෙන්ම 2012 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්වෙනියා බවට පත්වීම විශේෂත්වයකි.
මෙම සහන් ලක්ෂිත ශිෂ්‍යයා මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව මාධ්‍ය මගින් තොරතුරු දැනගත් විමල් වීරවංශ අමාත්‍යවරයා එම ශිෂ්‍යයා ඇතුළු පවුලේ සියලුදෙනා අමාත්‍යාංශයට කැඳවා ජනසෙවණ නිවාස වැඩසටහන යටතේ ඉඩමක් ලබාදී එහි අංග සම්පූර්ණ නිවසක් ඉදිකරදීමට කටයුතු කරන බව දැනුම් දුන්නේය.
ඒ අනුව මෙම ඉඩම හා නව නිවස අද දින විමල් වීරවංශ අමාත්‍යවරයා අතින් සහන් ලක්ෂිත සිසුවාට ප්‍රදානය කෙරිණ. සහන් ලක්ෂිත සිසුවාගේ පියා රෝගීව සිටින නිසා ඔහුට රැකියාවක් කළ නොහැක. ලක්ෂිත සිසුවාට තව නැගණියෝ දෙදෙනෙක් සිටිති.
මෙහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා කියා සිටියේ අඟහිඟකම් මැද අධ්‍යපාන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දස්කම් පෙන්වමින් රටට කීර්තිය ගෙන දෙන දරු දැරියන් රැසකට ජනසෙවණ තුළින් සෙවණ හිමිවී ඇති බවයි.
මෙම නිවස ලබාදීම පිළිබඳව සහන් ලක්ෂිත ශිෂ්‍යාගේ පවුලේ සැමත් ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ශිෂ්‍යයෝ ද ප්‍රදේශවාසීන් ද විමල් වීරවංශ අමාත්‍යවරයාට සිය ස්තූතිය පුදකර සිටියහ.
“ මහින්ද චින්තන ඉදිරි දැක්ම ” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන ‘‘ජනසෙවණ” ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමඟාමීව විවිධ අංශ ආවරණය වන පරිදි ජනසෙවණ වැඩසටහන දිවයිනපුරා ක්‍රියාත්මක වේ.
සහන් ලක්ෂිත ශිෂ්‍යයා මෙහිදී ප්‍රකාශ කළේ තමන්ට අධ්‍යපාන කටයුතු වඩාත් සාර්ථක කරගැනීමට නිවසක් ලබාදී කරන ලද මෙම උපකාරයට ලබන වසරේ උසස් පෙළ විභාගයෙන් තමන් උපරිම ප්‍රතිඵල පෙන්නුම් කරන බවයි.
– Con. Media
lanka C news

No comments:
Post a Comment