කොටි කොන්ත‍්‍රාත් චෝදනා බොරු.. ක්‍ෂෙනුකා හරි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 22, 2014

කොටි කොන්ත‍්‍රාත් චෝදනා බොරු.. ක්‍ෂෙනුකා හරි..

කොටි සංවිධානයේ ප‍්‍රධානියෙකු අයත් සමාගමකට ජිනීවා ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත  නිල නිවස අලූත්වැඩියා කිරීම සඳහා කොන්ත‍්‍රාත් ලබාදුන්නේ යයි විදේශ අමාත්‍යාංශ ලේකම් ක්ෂෙනුකා සෙනෙවිරත්නට එල්ල වන චෝදනා සාවද්‍ය යයි විදේශ කටයුතු ඇමති ජී.එල්. පීරිස් පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඇමතිවරයා මෙම චෝදනා ප‍්‍රතික්ෂේප කර ඇත. අදාල කොන්ත‍්‍රාත්තුව ලබා දුන් බව පැවසෙන 2009 වසරේ දී එවකට ජිනීවා – ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කර ඇත්තේ ක්‍ෂෙනුකා සෙනෙවිරත්නයි.

අදාළ අලුත්වැඩියාව සම්බන්ධයෙන් වූ කොන්ත්‍රාත්තුව 2009 නොවැම්බර් 5 වනදා අනුමත කර ඇති බවද පවසන එම නිවේදනය ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය ජිනීවා නුවර රාජකාරී බාරගෙන ඇත්තේ 2009 වසරේ නොවැම්බර් 15 වනදා බව ද  පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad