පාප්තුමන් පැමිණීම හෝ නොපැමිණීම ජනාධිපතිවරණ දිනය මත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 22, 2014

පාප්තුමන් පැමිණීම හෝ නොපැමිණීම ජනාධිපතිවරණ දිනය මත

ජනවාරි මාසයේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස ශ්‍රී ලංකා කතෝලික සභාව ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ජනවාරි මාසයේ යෙදී ඇති බැවින් කතෝලික සභාව මෙම ඉල්ලීම කර තිබේ. කාදිනල් හිමිපාණන් විසින් යොමු කළ ලිපියට ජනපතිවරයාගේ පිළිතුර බලාපොරොත්තුවෙන් සිටින බව කතෝලික සභාවේ ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පැවසුවේය.

ආණ්ඩුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය නිල වශයෙන් ප්‍රකාශ කර නැති නමුත් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය යෙදී ඇති ජනවාරි මාසයේ ජනාධිපතිවරණය පැවැත්වෙන බව ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳුදා ප්‍රකාශ කළේය.

කුමන හෝ රටක ජාතික මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක පාප් වහන්සේ එහි සංචාරය කිරීම ‘උචිත නැති බව’ මීට පෙර ශ්‍රී ලංකා කතෝලික සභාව නිවේදනය කළේය.

නමුත් මේ දක්වා පාප් වහන්සේගේ සංචාරය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ නැති බව ශ්‍රී ලංකා කතෝලික සභාවේ ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු කියා සිටියේය. ඒ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීමට රදගුරුවරුන්ගේ හමුවක් පැවැත් වීමට නියමිත බව ප්‍රංශ පුවත් සේවය සඳහන් කරයි.

– BBC

No comments:

Post a Comment

Post Bottom Ad