ආත්ම ගාණක් පල දෙන පිනක් මෛත‍්‍රීගෙන්.. චැනල් ලේ මාපිළුන් සටනට කැඳවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 22, 2014

ආත්ම ගාණක් පල දෙන පිනක් මෛත‍්‍රීගෙන්.. චැනල් ලේ මාපිළුන් සටනට කැඳවයි

සෞඛ්‍ය ඇමති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් දී ඇති උපදෙස් මතත පුද්ගලික රෝහල් හා වෛද්‍ය ආයතන රෝගීන්ගෙන් අයකරන ගාස්තු සංශෝධනය කිරීමට නියමිතය.

මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පුද්ගලික රෝහල්  හා සෞඛ්‍ය ආයතනවලට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ගෙන් අධික මිල ගණන් අය කිරීම් කරනු ලබන බවට පැමිණිලි විශාල වශයෙන් යොමුව ඇති බැවින් ගාස්තු සංශෝධනය කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

රුපියල් 1500 සිට 8000 දක්වා වූ ගාස්තුවක් පෞද්ගලික රෝහල්වල ඇතැම් වෛද්‍යවරුන්ගේ චැනල් සේවාව ගැනීමට රෝගීන්ගෙන් අය කරන බවටද තොරතුරු ලැබි ඇතැයි ඇමතිවරයා කියයි.

මේ කරුණු සලකා බලා පුද්ගලික රෝහල් ගාස්තු හා චැනල් ගාස්තු සම්බන්ධයෙන් අදාළ සංශෝධන  මේ වන විටත් විශේෂඥ මණ්ඩලයකින් සමන්විත කණ්ඩායමක්  සකස් කරමින් පවතින බවත් ඉතා ඉක්මනින් එම සංශෝධනයන් ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad