ලබන වසරේ මාර්තු අග වන තුරු ඝන මීටර් 1000ක් ඩොලර් 385ක මිල යටතේ යුක්රේනයට ගෑස් සැපයීමට රුසියාවේ එකගතාවය පළවී ඇතැයි වාර්තා වේ.
ප‍්‍රසිද්ධ දේශනයකදී අදහස් දක්වමින් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසා ඇත්තේ ඉදිරි මාස 5ක කාලයක් සඳහා යුක්රේනයට අවශ්‍ය තරම් ගෑස් මිලදී ගත හැති බවයි. ශීත සහ ගිම්හාන සෘතු සඳහා මිල මට්ටම් දෙකක් පිළිබඳ පුවත ලැව්රොව් විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.
මිලාන්හි පැවති යුරෝපා ආසියා සමුළුවේදී සාකච්ඡ වූයේ ඉදිරි මාස 5 තුළ ගෑස් සැපයීම පිළිබඳව පමණක් බව රුසියානු විදේශ ඇමතිවරයා සඳහන් කර තිබේ.
එකගව ඇති ඩොලර් 385ක මිල රුසියානු පාර්ශ්වයෙන් ඩොලර් 100ක වට්ටමක් ලබාදීමක් වන අතර මාස 5ක කාලයෙන් පසු ගිම්හානයේදි ඩොලර් 325 බැගින් ගෑස් ලබාදෙන ලෙස තමන් යුරෝපා සංගමය වෙත ඉදිරිපත් කළ යෝජනාවේ දක්වා ඇතැයි යුක්රේන ජනාධිපති පෙට්‍රෝ පොරොෂෙන්කෝ පවසා ඇත.
පුටින් හා පොරොෂෙන්කෝ අතර ගෑස් මිල එකගතාවයක් ඇති වුවද මුදල් කලින් ලබා නොදෙන්නේ නම් රුසියාව විසින් යුක්රේනයට ගෑස් නොසපයන බව පවසා තිබේ.
රුසියාවෙන් ගෑස් මිලදී ගැනීමටනම් රුසියානු ගැස්ප්‍රොම් සමාගම වෙත ගෙවීමට ඇති ණය මුදලින් ඩොලර් බිලියන 3.1ක් හෝ ගෙවීමට යුක්රේනයට සිදුව ඇත.
මිල වට්ටම සලකා බැලීමෙන් පසුව යුක්රේනය විසින් රුසියාවට ගෙවිය යුතු සමස්ත ණය මුදල ඩොලර් බිලියන 5.5ක සිට 4.5 දක්වා අඩුකර ඇතැයිද වාර්තා වේ.
Wednesday, October 22, 2014
රුසියාව හා යුක්රේනය අතර ගෑස් මිල එකගතාවයක්
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment