2012 වසරේදී මෙරටට ගෙන්වන ලද ගල් අඟුරු තොගය නිසා සිදුව ඇති බව කියන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා ඊට වගකිව යුත්තන්ට දැඩි දඬුවම් දිය යුතු යයි ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි.කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා කියා සිටියේ එය නීතිවිරෝධී ගනුදෙනුවක් බවයි.
මෙම ගල්අඟුරු තොගය ප්‍රතික්ෂේප කර වරායෙන් ගොඩබෑම නොකරන ලෙස තමන් නියෝග කල බවද එසේ කරනු ලැබුවේ මෙය නීති වීරෝධී ගනුදෙනුවක් බව තමන් ඒ මොහොතේ අවබෝධකර ගත් නිසා බැවින් යැයිද අමාත්‍යවරයා කියයි.
තමන් ඇමතිව සිටියදී ගල් අඟුරු බෑම හා අනිකුත් සෑම දෙයක්ම සිදුකළේ නීතිපතිවරයා දුන් උපදෙස් අනූව බවත් අකටයුත්තක් වී ඇතිනම් පරීක්‍ෂණ කරන ලෙසත් රණවක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
No comments:
Post a Comment