ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය විසින් කල්මුණේ මහ නගර සභාව වෙත යෝජනාවක් ගෙන එමින් අම්පාර දිස්ත්‍රීක්කයේ, කල්මුණ වෙරළාසන්න බලප්‍රදේශය වෙනම පරිපාලන දිස්ත්‍රීක්කයක් ලෙසට ප්‍රකාශයට පත් කිරීම සම්මත කරගෙන ඇත.මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් වෙසෙන මෙම ප‍්‍රදේශයේ පරිපාලන කටයුතු කරගෙන යාන අම්පාර දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයට පැමිණෙන මුස්ලිම් ජනතාවට භාෂාව සම්බන්ධයෙන් ගැටලු මතුවන බව කල්මුණේ මහනගර සභාවේ නගරාධිපති නිසාම් කාරියප්පර් මහතා සඳහන් කරයි.
ඒ අනුව මෙම නව යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් පසු කල්මුණේ බලප්‍රදේශය ද පරිපාලන දිස්ත්‍රීක්කයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට හැකියාව ඇති බවත්ල ඔහු කියා සිටී.
No comments:
Post a Comment