හදවත ළඟට ආ කොඳු ඇට පෙළ සුව කරන්න උදව් කරන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 23, 2014

හදවත ළඟට ආ කොඳු ඇට පෙළ සුව කරන්න උදව් කරන්න

යෙලනි රොෂෙල් ද සිල්වා දොළොස් හැවිරිදි දියණියකි. ඈ සමග කුඩාකල දුව පැන පැන ඇවිද ගිය අනෙක් දරුවෝ දැන් 7 වසරේ ඉගෙනුම ලබති. ඇයට දැන් පාසල් යන්නටද නොහැක. 

ඒ කොඳුඇට පෙළෙ ඇදවීමේ රෝග තත්වයකින් ඈ පෙළෙනා නිසාය. කොඳුඇට පෙළෙහි ඇදය දැන් ඇගේ හදවත ළඟටම පැමිණ තිබේ. එය ඇගේ හදවතේ වැදෙන්නට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි.

 කුඩාකල ඈ අනෙක් දරුවන් සේම දුව පැන අවිද්දාය. ඇය වැඩෙද්දී මෙලෙ රෝගී වන බව එදා සිතෙහි ගුලි කරගෙන සිටියේ දෙමව්පියන් දෙදෙනා පමණි. කාලය ගෙවී යත්ම ඇගේ ඇඟේ හැඩය වෙනස් වූයේ ඒ රහස මුළු ලොවටම පෙනෙන පරිද්දෙනි.

උණු වන හදවතක් ඇත්තන් ලෙස අපට මේ දියණියට කඩිනමින් උදව් කිරීමට හැකි නම් ඉතා ඉක්මනින් ඇය ශල්‍යකර්මයකට බඳුන් කළ හැක.Thoracolumber Scoliosis නැමති මෙම රෝගී තත්වය ශල්‍යකර්මයකින් සුවකළ හැකි බව පේරාදෙණිය ශක්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය එච්.ජේ සුරවීර මහතා තහවුරු කොට තිබේ.
  
ඉන්දියාවේ ඇපලෝ රෝහල ඒ සඳහා පහසුකම් ඇති අපට ආසන්නතම රෝහල වේ. කීර්තිමත් ඉන්දීය විශේෂඥ වෛද්‍යවරයෙකු වන සජාන් කේ හෙජ් මහතා මෙවැනි ශල්‍යකර්ම රැසක් සාර්ථකව සිදුකළ විශිෂ්ටයෙකි. ශල්‍යකර්මය සඳහා වැයවන මුදල ලක්ෂ 25කට අධිකය.

 යෙලනිද එදා මෙන් දුව පැන ඇවිදින්නට, පාසල් යන්නටද ආශාවෙන් පසු වන්නීය. ඒ සඳහා ඔබට හැකි අයුරින් උපකාර කළ හැකිනම් බොහෝ පිං සිදුවනු නොඅනුමානය.

 ඔබගේ මූල්‍යමය ආධාර  එම්. එෆ් ප්‍රසාදිනී ගිණුම් අංකය 8560030958 කොමර්ෂල් බැංකුව වත්තල ශාඛාව හෝ එම්. එෆ් ප්‍රසාදිනී ගිණුම් අංකය 100853252496 සම්පත් බැංකුව වත්තල ශාඛාවන්හි ගිණුම් වෙත බැර කළ හැක.

 වැඩි විස්තර සඳහා 0724815791 (පියා - නිෂාන්) 0718239768 (මව - ප්‍රසාදිනී) 0112798247 (නිවස)









No comments:

Post a Comment

Post Bottom Ad