මුල්ගල තියන්න ගිය ඇමති ගංවතුරට කොටුවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 23, 2014

මුල්ගල තියන්න ගිය ඇමති ගංවතුරට කොටුවේ

බඩල්කුඹූර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ උඩවාඩිය ප්‍රදේශයට විදුලිය ලබාදිමේ වැඩසටහනකට  සහභාගි විමට ගිය පොල් සංවර්ධන  අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා ඇතුලු මාධ්‍ය කණ්ඩායමක් ඊයේ (22) එම ප්‍රදේශයට නොසිතු මොහොතක ඇදහැලුන දාරානිපාත වර්ෂාව හේතුවෙන් විශාල ජල පහරකට කොටුවි පැය 4ක පමණ කාලයක් එහි රැදිමට සිදුව ඇත.

මෙම ප්‍රදේශය කදුකර භූමියක පිහිටා ඇති අතර මෙම වර්ෂාවත් සමඟ ගංගා පිටාර ගලා විශාල ජලධාරාවක් ගලා එම හේතුවෙන් සහ පස්කදු කඩාවැටීමෙන් වාහන ගමනාගමනයට  දැඩි දුෂ්කරතාවයක් ඇති විය.
මෙහි දි මෙම කටයුත්ත ආවරණය කිරිම සදහා ගිය මාධ්‍යවේදින් කණ්ඩායමටද වර්ෂාව හේතුවෙන් දැඩිදුෂ්කරතාවයකට මුහුණ දිමට සිදුව ඇත.

ඇදහැලුන දැඩි වර්ෂාව හේතුවෙන් පැය 4ක පමණ කාලයක් ඇමතිවරයා ඇතුලු කණ්ඩායම මෙම   ප්‍රදේශයේ රැදිසිටි පසුව දැඩි දුෂ්කරතාව මැද ප්‍රදේශයෙන් බැහැර වි ඇත.

– වජිර කොඩිතුවක්කු

No comments:

Post a Comment

Post Bottom Ad