පුටින්ට අනුව ඔබාමා දුර්වල පාලකයෙක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 23, 2014

පුටින්ට අනුව ඔබාමා දුර්වල පාලකයෙක්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා දුර්වල පාලකයෙකු ලෙස සලකන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ඇමරිකානු තානාපතිවරයෙකු වන ජෝන් බෝල්ටන් පවසා තිබේ.

ඔහු පවසා ඇත්තේ ඔබාමාගේ විදේශ ප‍්‍රතිපත්තිය ඉතාමත් දුර්වල මට්ටමක පවතින බවයි. 

ඔබාමා තවත් වසර 2ක් ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇති බව දන්නා පුටින් ඉදිරි දෙවසර යුක්රේනය ඇතුළු අනෙකුත් පැරණි සෝවියට් රටවල් හා සෝවියට් හිතවාදී රටවලින් ලබාගත හැකි සියලූ දේ ලබාගැනීමට කටයුතු කරනු ඇති බව බෝල්ටන්ගේ අදහසයි.

යුරෝපය තුළ ඉතා අවදානම් කාලසීමාවක් පසුකරමින් ඇති නමුත් ජනාධිපති ඔබාමා ඒ පිළිබඳ කිසිදු තැකීමක් කරන අයුරක් පෙනෙන්නට නැතැයි ඔහු පවසා තිබේ.

යුක්රේනය වෙත වොෂින්ටනයේ සහයෝගය වැඩි කරන ලෙස ජ්‍යෙෂ්ඨ ඩිමොක‍්‍රටික් පාක්‍ෂිකයින් ඔබාමා වෙත පීඩනයක් එල්ල කරමින් ඇති අතර මෙතෙක් ඒ පිළිබඳ ප‍්‍රතිචාරයක් ඔබාමා පාලනය විසින් දක්වා නැත.  

යුක්රේන අර්බුදය පිළිබඳව ඇමරිකාව විසින් රුසියාවට එරෙහිව සම්බාධක පැණවීමට කටයුතු කිරීමෙන් පසුව දෙරට අතර උණුසුම් තත්වයක් හටගන්නා ලදී.

තම බලශක්ති සමාගම් වලට එරෙහිව සම්බාධක පැණවුවහොත් රුසියාවට ඉහළින් විදෙස් ගුවන් ගමන් තහනම් කරන බවට රුසියානු අගමැති ද්මිත‍්‍රි මෙද්වෙදෙව් විසින් අනතුරු හගවා තිබේ.

එසේ වුවහොත් ආසියාව බලා යුරෝපා ගුවන් ගමන් වලට අමතර පැය 4ක කාලයක් සහ ඩොලර් 30000ක් වැය වනු ඇතැයි පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad