සරත් එන්. සිල්වා රටින් පිටිවහල් කල යුතුයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 23, 2014

සරත් එන්. සිල්වා රටින් පිටිවහල් කල යුතුයි..

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් කොළඹදී මාධ්‍ය අමතමින් සඳහන් කලේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාව රටින් නෙරපීමට කටයුතු කළ යුතු බවයි.

උන් වහන්සේ පවසන්නේ මෙරට විපක්‍ෂයක්‌ නැති කිරීමට වගකිව යුත්තේ ඒ මහතා බවත් ඔහු අගවිනිසුරුව සිටියදී මන්ත්‍රීවරුන්ට පිල් මාරු කිරීමට හැකිවන පරිදි තීන්දුව නොදුන්නේ නම් අද රටේ විපක්‍ෂයක්‌ පවතින බවත්ය.

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය එහෙව් පුද්ගලයකු විසින් සැකසීම කොතරම් උචිත දැයි යි විමසූ එහිමියෝ ඊට සරත් එන් ද සිල්වා මහතාට සදාචාරාත්මක අයිතියක්‌ නොමැති බවත් කීහ.

No comments:

Post a Comment

Post Bottom Ad