කැළණියේ සියළු මත් පැන් බලපත් අහෝසිය සම්මතයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 20, 2014

කැළණියේ සියළු මත් පැන් බලපත් අහෝසිය සම්මතයි..

කැලණිය ප‍්‍රාදේශීය සභාවේ මාසික මහ සභාවට ඉදිරිපත් කර තිබූ කැලණිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස බලප‍්‍රදේශයේ ඇති සියලූම මත්පැන් බලපත‍්‍ර අවලංගු කරන ලෙස වූ යෝජනාව ඒකච්ඡුන්දයෙන් සම්මත වී ඇත.

පසුගියදා කැලණිය හුණුපිටිය නාහේනවත්ත ‘සෙන්චරිනා’හෝටලයට ලබාදී තිබූ මත්පැන් බලපත‍්‍රය කැලණිය ප‍්‍රාදේශීය සභාවේ යෝජනාවක් පරිදි අවලංගු කිරීමෙන් පසු එයට ස්තූති කිරීමේ යෝජනාවක් විපුල පීරිස් මන්ත‍්‍රීවරයා (එ.ජා.ප) විසින් ඉදිරිපත් කරන ලදී.

අනතුරුව විපක්ෂ නායක සුමංගල සමරවීර මහතා (එ.ජා.ප) විසින් කැලණිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස බලප‍්‍රදේශයේ ඇති සියලූම මත්පැන් බලපත‍්‍ර අවලංගු කරන ලෙසට අතුරු විශේෂ යෝජනාවක් සභාවට ඉදිරිපත් කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad