මන්ත‍්‍රීවරු තිදෙනෙක් ඇමති ධුර ප‍්‍රතික්ෂේප කරති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2015

මන්ත‍්‍රීවරු තිදෙනෙක් ඇමති ධුර ප‍්‍රතික්ෂේප කරති..

සුමේධා ජී ජයසේන, ජයරත්න හේරත් හා විදුර වික‍්‍රමනායක යන මන්ත‍්‍රීවරුන්ට ඇමති ධුර රැගෙන ආණ්ඩුවට එක්වන ලෙස ලැබුන ආරාධනා අවස්තා දෙකකදී ප‍්‍රතික්‍ෂෙප කර තිබේ.

ආරංචි මාර්ග පවසන්නේ සුමේධා ජී ජයසේන මන්ත‍්‍රීවරියට කැබිනට් අමාත්‍ය ධූරයක්ද ජයරත්න හේරත් මන්ත‍්‍රීවරයාට රාජ්‍ය අමාත්‍ය ධූරයක්ද සහ විදුර වික‍්‍රමනායක මන්ත‍්‍රීවරයාට නියෝජ්‍ය අමාත්‍ය ධූරයක්ද ලබාදීමට යෝජනා වී තිබූ බවයි.

කෙසේ වෙතත් මොවුන් අමාත්‍ය ධූර ප‍්‍රතික්ෂේප කළද දින 100 වැඩපිළිවෙළ සදහා පාර්ලිමේන්තුවේදී සහාය ලබා දීමටද තීරණය කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad