ඇමරිකාව තනි කරමින් ඕස්ටේ‍්‍රලියාව හා ඩෙන්මාර්කයත් AIIB වෙත එක්වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2015

ඇමරිකාව තනි කරමින් ඕස්ටේ‍්‍රලියාව හා ඩෙන්මාර්කයත් AIIB වෙත එක්වේ

ඇමරිකාවේ විරෝධය නොතකමින්  ඕස්ටේ‍්‍රලියාව හා ඩෙන්මාර්කයත් චීනයේ මූලිකත්වයෙන් පිහිටුවීමට නියමිත ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව හා එක්වීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.

ඕස්ටේ‍්‍රලියානු අගමැති ටෝනි ඇබට් සහ භාණ්ඩාගාර ප‍්‍රධානි ජෝ හොකී විසින් නිකුත් කර ඇති ඒකාබද්ධ නිවේදනයක දක්වා ඇත්තේ  ඕස්ටේ‍්‍රලියාව AIIB හි ආරම්භක සාමාජිකයකු ලෙස එක්වීමට කැමති වුවද මූලික ආයෝජන තීරණ බැංකුවේ අධ්‍යක්‍ෂක මණ්ඩලය විසින් ගතයුතු බව හා තනි රටක් විසින් එය පාලනය නොකළ යුතු බව යන මූලික කොන්දේසි යටතේ මෙම තීරණය ගත් බවයි.

මේ වන විට ඇමරිකාවේ මූලිකත්වයෙන් ක‍්‍රියාත්මක වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි මූල්‍ය ආයතන පසෙක නොදමන බව සඳහන් කරමින් ඒ හා එක්ව කටයුතු කිරීම මගින් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවට කලාපයේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා විශාල කාර්යභාරයක් කිරීමට හැකිවනු ඇතැයි  ඕස්ටේ‍්‍රලියාව පවසා තිබේ.

මෙය ඇමරිකාවට එල්ල කළ අතුල් පහරක් බවට වන අදහස ප‍්‍රතික්‍ෂේප කර ඇති කැන්බරා පාලනය ඇමරිකාවද පමාවී හෝ AIIB වෙත එක්වනු ඇතැයි විශ්වාසය පළ කර ඇත.

ඩෙන්මාර්කයේ තීරණය දන්වමින් එරට වෙළඳ හා සංවර්ධන අමාත්‍ය මොගෙන්ස් ජෙන්සන් පවසා ඇත්තේ මෙය ලෝක රටාවේ සුවිශේෂී වර්ධනයක් වන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad