දිනකට වී කිලෝ හාරලක්ෂ පනස් දහසක් පමණ යොදා මාතලේ ඇති කර්මාන්ත ශාලාවකින් බීර නිෂ්පාදනය සදහා යවන බවත් රටේ හාල් මිල ඉහළ යෑමට එය ප‍්‍රධාන හේතුවක් බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චොදනා කරයි.
දඹුල්ල යාපාගම ප‍්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මෙම විශේෂ ප‍්‍රකාශය කළේය.
නාමල් කරුණාරත්න මහතා එහිදී මෙසේද කීය.
‘අපට තියෙන තොරතුරු අනුව මාතලේ මෑතකදී ආරම්භ කළ විශාල වී මෝලකින් බියර් නිෂ්පාදනය කරනවා. එම ස්ථානයේ එක සිදුවන්නේ නැහැ. හැබැයි එතනින් දවසකට වී කිලෝ හාරලක්ෂ පනස් දහසක් පමණ වෙනත් ස්ථානයක බියර් නිෂ්පාදනාගාරයකට යවනවා.
මේ වී ටික හාල් කළොත් හාල් කිලෝ දෙලක්ෂ හැත්තෑදහසක් වෙනවා. මේ සහල් නැවත පාරිභෝජනයට ගන්න බැහැ. එතකොට රටෙ සහල් මිල ඉහළ යන එක අහන්න දෙයක් නෙවෙයි. මෙයට රජය වගකිව යුතුයි. මේ වන විට සහල් කිලෝවක මිල විශාල ලෙස ඉහළ ගිහින්.
යාපනයෑ රුපියල් 100 යි. මේ දක්වා වෙළෙද පළට හාල්් අවේ පසුගිය කන්නයේ වී. එම වී මේ මෝල් හිමියෝ ගන්නේ ඉතාම අඩු මුදලකට. මේ හාල් වෙළෙදපොළ වී වෙළෙදපොළ හසුරවන්නේ තුන්දෙනෙක්. එක් අයෙක් ඇමතිවරයෙක්. අනෙක් කෙනා ඇමතිවරයාගේ මල්ලීී කෙනෙක් සහ නියෝජ්‍ය ඇමති කෙනෙක’
Monday, October 20, 2014
දවසකට වී කිලෝ ලක්‍ෂ හතරකින් බියර් හදන මාතලේ ෆැක්ටරියක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment