ඊයේ දිනයේ වරාය අධිකාරියේ පුහුණු පාසැල් නිරීක්‍ෂණ චාරිකාවක යෙදී සිටි එජාප මන්ත‍්‍රීන්ට පහර දුන්නේ අවසර නැතිව තම වැඩ බිමට ආ නිසා යයි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසයි.
ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පල කලේ මෙසේය.
‘අවසර රැගෙන මෙම වැඩබිම නිරීක්ෂණයට පැමිණෙන ඕනෑම කෙනෙකුට අපේ වැඩබිම නිරීක්ෂණය සදහා අවසර ලැබෙනවා. එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරු අතුළු පිරිස ඊයේ (21) මෙම ප්‍රහාරයට ලක්වුණේ කිසිදු අවසරයක් නොගෙන ඉබි යතුරු කඩා බලහත් කාරයෙන් මෙම වැඩ බිමට ඇතුළු වූ නිසා.
මෙම වැඩ බිම ශ්‍රී ලංකා වරයා අධිකාරියට අයත් එකක් නොවේ.නිදහස් සේවක සංගමය වන අපි මෙය වසර තුනක කාලයක සිට කුලී පදනම මත ලබාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක කටයුතු සදහා යොදා ගැනෙන දැන්වීම් පුවරු,ප්‍රචාරක පුවරු,වේදිකා සැකසීමට යොදා ගැනෙන යකඩ පලංචි ඇතුළු භාණ්ඩ නිපදවා ඒවා ගෙවීම් පදනම මත ලබා දෙනවා.
වරාය අධිකාරියේ සේවා මුරය නිම කල සේවකයින්ද මෙහි පැමිණ සේවය කරනවා. සිද්ධිය වූ ඊයේ (21) දවල් 11.30 – 12.00 අතර පිරිසක් වාහන හතරකින් අපේ වැඩබිමේ ගේට්ටුව අසලට පැමිණ මෙම වැඩ බිම නිරීක්ෂණයට අවශ්‍ය බවට දන්වා සිටියා. ඒ පිරිස මෙය නිරීක්ෂණය කිරීමට කිසිදු අවසරයක් අරගෙන තිබුනේ නැහැ.
50 කට අසන්න පිරිසක් ගේට්ටුව ඉදිරිපිට කෑගසමින් සිටියා.ඒ පිරිස අතර එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක,ආර්.යෝගරාජන්,අජිත් පි.පෙරේරා සහ නලින් බණ්ඩාර යන මහත්වරුන් සහා ඇමති ආරක්ෂක ඒකකයේ පිරිසකුත් හිටියා.ඇතැම් අයගේ අතේ පිස්තෝල තිබුණා.
අනවසරයෙන් පැමිණි නිසා අප ඔවුන්ට ඇතුළුවීමට ගේට්ටුව විවෘත කලේ නැහැ.පසුව ඔවුන් සමග සිටි දෙදෙනකු ගේට්ටුවේ ඉබ්බා කඩා දැමුවා.සෙසු පිරිස ගේට්ටුව බලහත්කාරයෙන් විවෘත කර වැඩ බිමට කඩ වැදුනා.එසේ කඩ වැදුණු පිරිසට අපේ සේවකයන් ගල් මුල් වලින් පහර දුන්නා. ඔවුනද අපට පහර දුන්නා.
ඇමති ආරක්ෂක අංශයේ සිටි අයෙක් අපේ සේවකයකුගේ හිසට පිස්තෝලයකින් පහර දුන්නා.දෙපිරිස අතර ඇතිවූ ගැටුමෙන් ඔවුන් පැමිණි වාහන කීපයකට අලභහානි සිදු වුනා. පසුව ඇමති ආරක්ෂක අංශයේ පිරිස මන්ත්‍රීවරුන් ඉවතට රැගෙන ගියා’
Wednesday, October 22, 2014
Home
ආරක්ෂක පුවත්
අපේ වැඩබිමට අනවසරයෙන් ආ නිසා එජාප මන්ත‍්‍රීන්ට ගැහුවා – ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය
අපේ වැඩබිමට අනවසරයෙන් ආ නිසා එජාප මන්ත‍්‍රීන්ට ගැහුවා – ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment