- මහාචාර්ය නලින් ද සිල්වා
අතුරලියේ රතන හාමුදුරුවෝ මේ සතියේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරල ඡන්ද තියන්න කියල යෝජනා කළා.
විධායක ජනාධිපති ධුරය අහෝසි කරල තමන්ගේ යෝජනා ක්‍රියාත්මක කරල මැතිවරණ පැවැත්වූවෙ නැත්නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කරනව කියල කිව්වා.
හැබැයි රතන හිමියෝ කිව්වේ නැහැ මහින්ද පරද්දල කාවද දිනවන්නේ කියලා. කෙනෙක් පරදනව නම් දිනවන කෙනෙකුත් ඉන්න එපායැ. කාවද දිනවන්න යන්නේ කියල උන්වහන්සේට ඒකත් කියන්න තිබුණා.
මම නම් හිතන්නේ නැහැ මේ වෙලාවේ ඔය රතන හිමියෝ කියන කාරණාව ගැන ජනතාව ලොකුවට හිතල තියෙනව කියලා.
හාමුදුරුවෝ කිව්වා ජනතාව දිනවන්න වැඩ කරනවා කියලා. ජනතාව දිනවනව කිව්වට ජනතාව කියල ජනාධිපතිවරණයට ඔක්කොම ඉදිරිපත් වෙන්නේ නැහැනේ. එක පුද්ගලයෙක්නෙ ඉදිරිපත් වෙන්නේ.එතකොට මහින්ද ජනාධිපතිවරයා පරදවනව නම් රනිල් ද, අනුර දිසානායකව ද, සරත් ෆොන්සේකාව ද එහෙමත් නැත්නම් කුමාර් ද දිනවන්න යන්නේ කියල හාමුදුරුවන්ට කියන්න තිබුණා. ඒක ලොකු අඩුපාඩුවක්.
එක වචන දෙකකින් ඒකත් කියන්න තිබුණා. ඒක හංගන්න බැහැ. ඒක ජනතාවට කියන්න ඕනැ. මේ රටේ බහුතර ජනතාව මහින්දව පරද්දවන්න දෙන්නේ නැති එක පැහැදිලියි.
මහින්ද පරදනව නම් කාවද දිනවන්නේ. මීට වඩා නරක කෙනෙක් ගේන්න පුළුවන්. එතකොට කියන්න ඕන කාවද එහෙම තත්වයක් යටෙත් දිනවන්න යන්නේ කියලා.
මේ වෙනකොට ජනාධිපතිතුමාම පැහැදිලිව කියල තියනව දෙමළ සන්ධානය හා දෙමළ පක්ෂ ඊළම අත්හරිනව නම් තමන් තමයි මුලින්ම විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න කටයුතු කරන්නේ කියලා. බෙදුම් වාදය තියෙද්දි ඒකට මුහුණ දෙන්න විධායක ජනාධිපති ධුරය ඕන කියල කවුරුත් පිළිගන්නවා.
මීට කලින් ඔය ජාතික හෙළ උරුමය තමයි කිව්වේ විධායක ජනාධිපති ධුරය නොවන්න ඔය එල්ටීටීඊ ය පරදවන්න බැරි වෙනවා කියල.
හෙළ උරුමය අද හිතනවද දන්නේ නැහැ දෙමළ ත්‍රස්තවාදය එල්ටීටීඊය පැරැද්දුවත් දෙමළ ජාතිවාදය පරාජය කරල නැහැ . ඒ නිසා මේ පවතින අනතුරට මුහුණ දෙන්න තවදුරටත් විධායක ජනාධිපති ධුරය පැවැතීම අවශ්‍යයයි.
මෙතනදි රනිල් වික්‍රමසිංහ මහත්තය මේ දිනවල කියන දේත් වැදගත්. ඔහු කියනව එයා බලයට ආවොත් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවා කියලා. ආයුධ සටනකින් බෙදුම්වාදීන්ට දිනා ගන්න බැරිවූ දේ සටනකින් තොරව දෙනව කියල රනිල් මේ කියන්නේ.
අතුරලියේ රතන හිමියන් අද කියන දේ අනුව මේ හාමුදුරුවෝ අද දෙමළ ජාතිවාදයේ ඉත්තෙක් බවට පත්වෙලා ඉන්නවා.
රතන හාමුදුරුවෝ කියන දේ ගැන අපට කියන්න තියෙන්නේ අපට නිකම් සුදු ලූනු පොඩි කරන්න එන්න එපා හාමුදුරුවනේ කියලයි. රතන හාමුදුරුවෝ මේ කියන්නේ කවුරු දිනවන්න කියලද. කවුරු පරාද කරන්න කියලද.
දැන් රතන හාමුදුරුවෝ පිවිතුරු හෙටක් ගැන කතා කරනවා. ජයග්‍රාහකයන්ගෙන් වියුක්තව කතා කරන්නේ. ජනතාව දිනවන්න කියනවා. ජයග්‍රාහකයා තාම ඉදිරිපත් වෙලා නැතුව ඇති.
මහින්දත් තවම හරියට ඉදිරිපත් වෙලා නැහැනේ. හරියට ඉදිරිපත් වෙන්න නම් නාම යෝජනා ඉදිරිපත් කරන්න එපායැ.
මහින්ද පරදවනවා. දිනවන්නේ කවුද කියල කියන්නේ නැත්තේ. මොතන පොදු අපේක්ෂකයා කවුද කියන ප්‍රශ්නය ද තියෙන්නේ. පොදු අපේක්ෂකයා දිනවන්න කියලද මේ කියන්නේ.
රතන හාමුදුරුවෝ රැස් කළ පිරිස අතර සෝභිත හාමුදුරුවෝ වගේ ම රතන හාමුදුරුවන්ගේ ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළා කියන සරත් එන්. සිල්වා මහතාත් හිටියා. මෙතැන කවුරුවත් පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වෙන්නේ නැත්නම් සෝභිත හාමුදුරුවෝ ඉදිරිපත් වෙනවා කියනවා. නමුත් සෝභිත හාමුදුරුවන්ට ඡන්ද ලැබෙන්නෙ නැහැ.
මේ ඔක්කොම ඉදිරිපත්වෙලා රනිල් පොදු අපේක්ෂකයා කරන්නද කතා කරන්නේ කියන ප්‍රශ්නය තියෙනවා. එතකොට මේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ද එජාපයේ පොදු අපේක්ෂකයා ද කියලත් ප්‍රශ්න කරන්න වෙන්නේ එජාපයේත් රවි, සජිත්, කරු වගේ කණ්ඩායම් කීපයක් සිටින නිසයි.
එතකොට රතන හාමුදුරුවෝ දිනවන්න කියන පොදු අපේක්ෂකයා කවුද?
මිහිඳු හාමුදුරුවෝ මිහින්තලාවට වැඩම කළ වෙලාවේ දේවානම්පියතිස්ස රජුරුවන්ගෙන් විමසූ අඹ ගසේ ප්‍රශ්නය වගේ රනිල්ගෙන් අහයි පොදු අපේක්ෂකයා කවුද කියලා.
අන්තිමේට ඒ අඹ ගසුත් අඹ ගස් නොවන ගසුත් හැරෙන්න තව ගස් තිබේ ද ප්‍රශ්නය ඇහුවම ඇයි මේ අඹ ගස කිව්වා වගේ පොදු අපේක්ෂකයා පිළිබඳ ප්‍රශ්නයේදි ඒ මම තමයි කියලා රනිල් කියාවි. පිවිතුරු හෙටක් කියන එක ඉතාම පැහැදිලියි. මේ හදන්නේ මහින්දගේ ඡන්ද කඩල රනිල්ට ඡන්දෙ දෙන ක්‍රමයක් හදන්නද කියන ප්‍රශ්නය මතු වෙනවා.
පළමුවටයේ බැරි නම් දෙවන වටයට යන්න තත්ත්වයක් ඇති කරන්නද මේ හදන්නේ. මහින්දට සියයට පනහ ගන්න බැරි තත්වයක් ඇති කරන්නද මේ හදන්නේ. පළමු වටයෙන් පසු කිසිම අපේක්ෂකයෙකුට සීයට පනහ තැන්ම් දෙවන වටයේ මනාප ගනින්න නොනගත කාලයක් එනවා. මේ කාලය තුළ එජාපය බටහිර ටවල් සමඟ එකතුවෙලා මේ රට ලේ විලක් කරන්න අරාබි රටවල වගේ ව්‍යසනයක් ගේන්න වුවමනාවක් තියෙන අය ඉන්නවා.
මට පෙනෙන විදිහට රතන හාමුදුරුවෝ එතන ඉන්නේ.
සරත් ෆොන්සේකා මහත්තයත් ඡන්දෙ ගණින වෙලේ කොළඹ හෝටලයකට වෙලා නැවතිලා හිටියෙ කෑම වේලක් කකා නෙවෙයි. ඒ නැවතුණේ මහින්දට සියයට පනහ හම්බවෙන එකක් නෑ කියල හිතලයි. දෙවන මනාපය ගණින ඒ නොනගත කාල පරිච්ඡේදය තුළ සරත් ෆොන්සේකට හමුදාවෙන් යම් සහයක් ඇතිව බලය ගන්න වැඩපිළිවෙළක් තියෙන්න ඇති.
මොකද ඔහු ඒ වෙලාවේ හමුදාපතිකමින් එළියට ආපු ගමන්. එදා ඒ කුමන්ත්‍රණය වැළකුණේ මහින්දට සියයට 60 කට ඡන්ද ප්‍රමාණයක් ලැබුණා. එදත් සියයට පනහ ලැබුණ නම් රට ලේ විලක් කරනවා.
නොනගත කාලය කියන්නේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගිහිල්ලත් නැහැ. නොගිහිනුත් නැහැ.
සියයට පනහ නැහැ. මහින්ද ජනාධිපතිවෙලත් නැහැ. මහින්ද ජනාධිපති නොවිත් නැහැ. නොනගත වෙලාවේ පිවිතුරු හෙටක් කොහොම වෙතත් අපවිත්‍ර හෙටක් ලේවලින් අපවිත්‍රවුණ නගරයක් හදන්නද දන්නැහැ මේ උත්සාහ කරන්නේ. රතන හාමුදුරුවන්ගේ වැඩපිළිවෙළ මැද්දේ අද චම්පික ඇමැතිවරයත් ඉන්නේ වැට උඩ බව පේනවා. මහින්ද සරණ නොලැබෙන්න අද ඔය කිසි කෙනෙක් නැහැ.
හැබැයි 2015 දිත් ඔය ඕන කෙනකුට මහින්ද සරණ ඇර වෙන මොන සරණක් වත් නැහැ.රතන හාමුදුරුවන්ටත් ජනාධිපතිවරණය වෙනකම් ජනමාධ්‍යවලින් ලොකු ප්‍රචාරයක් ලැබෙයි. මොකද ජනමාධ්‍යවලට ඕන ප්‍රවෘත්ති. ජනමාධ්‍ය ප්‍රවෘත්ති නැතිනම් ප්‍රවෘත්ති මවන කතාව අපි දන්නවා. රතන හාමුදුරුවෝ ජනාධිපතිවරණය වෙනකම් ආන්දෝලනාත්මක පුවත් මවයි.
ඊට පසුව වෙන්නේ මොකක්ද දෙහිලෙල්ල ගානට යයි. මිරිකල ගන්න දෙහි ලෙල්ලෙන් වැඩක් නැහැ. දෙහිලෙල්ල ඉවතට දානවා. එදාට වෙන්නේ උන්වහන්සේට දේශපාලන වශයෙන් අපවත් වෙන්න. ඒකට වැඩි කාලයක් නැහැ. අපිට තියෙන්නේ ඒකට පාංශුකූලෙ දෙන එක විතරයි. වෙන කරන්න දෙයක් නැහැ.
සාකච්ඡා කෙළේ – සරත් පෙරේරා
සිළුමිණ පුවත්පතිනි
Tuesday, October 21, 2014
ජනාධිපතිවරණයේදී දිනවන්නේ කවුදැයි රතන හිමි කිව යුතුයි
Tags
# විශේෂාංග පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
විශේෂාංග පුවත්
Labels:
විශේෂාංග පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment