නිරෝෂා විරාජිනී තමා බව කියමින් කතා කර විවිධ පුද්ගලයින්ට බලපෑම් කරන උදව් ලබාගන්නා සහ රූපවාහිනී වැඩසටහන්වල නිරෝෂා ලෙස දුරකථනයෙන් සජීවීව අදහස් දක්වන පුද්ගලයෙකු ගැන ප්‍රකට ගායිකා නිරෝෂා විරාජිනී මිරිහාන පොලිස් කාන්තා ඒකකයට පැමිණිලි කර තිබෙනවා.
කාන්තා කටහඬකින් කථා කරන පිරිමියෙකු වන මෙම පුද්ගලයා පසුගියදා ස්වාධින රූපවාහිනියේ සජීවී වැඩසටහනකට ඇමතුමක් ලබාගෙන 'මං නිරෝෂා විරාජිනී කතා කරන්නේ..." කියමින් එම වැඩසටහනේදී විවිධ විකාර කතා කර ඇති අතර ඇත්ත නිරෝෂා මේ බව දැනගෙන ඇත්තේ පසුවය.
මෙම පුද්ගලයා කුරුණෑගල ප්‍රදේශයේ ඇතැම් රාජ්‍ය ආයතනවල සුළු තනතුරු සඳහා පුද්ගලයින්ට රැකියා ලබාගන්නටද පාසල්වලට සිසුන් ඇතුළත්කරගන්නටද නිරෝෂා නමින් ඇමතුම් ලබාගෙන බලපෑම් කර ඇති බවද අනාවරණයවී ඇත.
රූපවාහිනී නාලිකාවලට එෆ් එම් නාලිකාවලට දුරකථනයෙන් සජීවිව සම්බන්ධ වනවාට අමතරව එම වැඩසටහන් නිෂ්පාදකයින්ට කතාකර 'මං නිරෝෂා විරාජිනී කථා කරන්නේ අපේ
ළමයෙක් ඉන්නවා ඔයාලගෙ ප්‍රෝගෑම්වලට එයාව ගන්න පුළුවන්ද?" වැනි දේ කියා කුඩා දරුවන්ව ළමා වැඩසටහන් ආදියට සම්බන්ධ කර ඇති බවටද තොරතුරු අනාවරණයවී තිබෙනවා.
එසේම දුරකථන අංක පරීක්ෂාවේදී නිරෝෂාගේ ජංගම දුරකථනයටද මෙම පුද්ගලයා අවස්ථා කිහිපයකදීම කථාකර තිබෙන බවත් ඒ අවස්ථාවල 'මං ඔයාට ආදරෙයි" වැනි වදන් ඔහු මිමිණූ බවත් නිරෝෂා ප්‍රකාශ කරනවා.
කුරුණෑගල ප්‍රදේශයේ වාසය කරන පුද්ගලයෙකු බවට පොලිසිය සැකකරන මෙම පුද්ගලයා දුරකථන අංක 5 ක් භාවිත කරන අයෙකු බවත් විවිධ අවස්ථාවල විවිධ නම් භාවිත කර ඇති බවත් තොරතුරු හෙළිවී ඇත.
මොහු නිසා තමන් අපහසුතාවයට පත්ව ඇති බවට නිරෝෂා මිරිහාන පොලිසියට පැමිණිලි කළ පසුව ඔහු අමතන්නට පොලිසියට හැකිවූ අතර එම අවස්ථාවේ ඔහු කියා ඇත්තේ තමාට විශාල ගායන හැකියාවක් ඇති බවත් තමාගේ එම හැකියාව යටපත් කරන්නට නිරෝෂා උත්සාහ කරන නිසා එයට පලිගැනීමට මේ ආකාරයට කටයුතු කළබවත්ය.
ඔහුට මෙම පැමිණිල්ල විභාග කරන අවස්ථාවට පොලිසියට එන්නට ඊයේ වේලාවක් ලබාදුන්නද ඔහු පොලිසිය මගහැර ඇත. මෙම පුද්ගලයා සම්බන්ධ ඉදිරි නීතිමය කටයුතු සිදු කරන බව නිරෝෂා විරාජිනී දන්වා සිටියා.
Wednesday, October 22, 2014
නිරෝෂා විරාජිනී නමින් පෙනී සිටින ගෑනු පිරිමියෙක් ගැන පොලිස් පරීක්ෂණ
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment